( රවීන්ද්‍ර ලියනගේ )
කැස්බෑවන් දෙදෙනකු මරා මස් කරමින් සිටි ධිවරයින් දෛනකු කැස්බෑ මස් කිලෝ 35 සමඟ අද (06) උදැසන කොළින්ජාඩිය වෙරළ ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බටහිර කොලින්ජාඩිය ප්‍රදේශයේ පදිංචි 40 හා 45 වයස්වල පසුවන ධිවරයින් දෙදෙනකි.
ධිවරයින් දෙදෙනා මසුන් ඇල්ලිමට මුහුදු ගොස් සිටියදි කැස්බෑවන් දෙදෙනා අල්ලා මස් කර ගොඩ බිමට ගෙනවිත් විකිණිමට පැකැට් කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පානදුරෙන් පහළට හැමතැනම කැස්බෑ බයිට් තියෙනවා බිත්තරත් සමග. මම ළඟදිත් කෑවා.
දැන් ධීවරයින් දෙදෙනාව මස් කරමු නේද?
පානදුරෙන් පහළට කැස්බෑ මස් බිත්තර සමග, මුව, ගෝනා, ඉබි ඕනේ තරම් තියෙනවා, මමත් ලඟදි කෑවා හැබැයි දියවන්නා ගාලේ ඉන්න හරකෙක්ගේ ගාතයක් වගේ රස නැතුව ඇති නේද?
මේවා වැඩි ගානකට විකුණන්නේ සංචාරකයින්ට. 2018 වර්ෂයේ සංචාරකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇවිත් ඉන්නවා. 2019ත් එහෙම වේවි...!!! ඔය තියෙන්නේ ප්‍රතිඵල. ඉදිරියේදී මෙවැනි සංරක්ෂිත සතුන් සංචාරකයන්ට විකිණී වඳවී යාවි. තවද ඒඩ්ස් වැඩිවේවි. සංචාරකයන් වැඩිපුර එනවාට සමගාමීව දැඩි නීතිමය පාලනයක් ක්‍රියාත්මක කළ යුතුයි.... ඒ හා ගැවසෙන අපේ උදවියට...
දඹානේ වැදිගම්වල තියෙනවා ලුණු මිරිස් සහ මීපැණි ගාලා වේලපු තලගොයි, හිකනැලි සහ ගැරඬි මස්. මේවා දුමේ එල්ලලයි තියෙන්නේ. අවශ්‍ය වෙලාවට ගින්දර පත්තු කරලා අඟුරුවලින් පුච්චා ගන්නවා. හරිම රහයි.
දැන් ඔය අල්වාගත් කැස්බෑ මස් ටික, කව්ද ඊලගට බයිට් එකට ගන්නේ...?
මෙහි අදහස් දක්වා ඇති අය ගැන කණගාටුයි.
ලංකාවේ, විශේෂයෙන් දකුණේ ගෝත්‍රිකයෝ වැඩියි.