(ජුඩ් සමන්ත,එච් චන්දන)
බටු කැස්බෑවෙකු ඝාතනය කර මස් කරමින් සිටි මවක සහ දියණියක් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා නියෝග කළේය.
ආරච්චිකට්ටුව - නගුල්එළිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් මවට අවුරුදු 41 සහ දියණිය අවුරුදු 20 කි.
වන ජීවී සහ නාවුක හමුදා නිලධාරීන් එක්ව ඊයේ ( 12) කළ මුර සංචාරයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඒ වන විටත් සැකකාරියන් දෙදෙනා ඝාතනය කරන ලද කැස්බෑවා මස් කරමින් සිටි බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
සැකකාරියන් සතුව තිබී කැස්බෑ මස් තොගයක්, ඝාතනය කරන ලද කැස්බෑවාගේ ශරීරයේ කොටස්,මේරූ කැස්බෑ බිත්තර 111 ක් සහ කැස්බෑවා මස් කිරීම සදහා යොදා ගත් උපකරණ කීපයක්ද වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
වන ජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ පුත්තලම - තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නාවුක හමුදා නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
කැස්බෑවා අහිංසකයි. මිනිස්සු අසරණයි. නීතිය අකුරටම ඉටුවෙන්නෙ සමාන්‍ය ජනයාට විතරයි. අවුරුදු 20ක තරුණිය ගැන මීට වඩා හිතන්න තිබුණා..
තකට තක...
අනේ මන්දා මේවට මොනවා ලියන්නද කියලා? සීගිරියේ කුරුටු ගී මකපු කෙනා එලියේ... මේ දරුවා ඇතුලේ...
ලංකාවේ නීතිය... බොහෝවිට හොඳින් ගලා බසින්නේ පහත් තැන්වලින්...
මම කිව්වේ අද ලංකාවේ නීතියක් කියා දෙයක් නැත.. කරපු දේ වැරදි නමුත් අවුරුදු 20 ගැහැණු ළමයෙක්... ඒ ළමයාගේ අනාගතය නම් ඉවරයි නේද? මගේ පුතාව මොට සයිකලයකට හැප්පුණා. නමුත් මම පොලිසියට කිව්වා ඒ ළමයාව කූඩුවට දාන්න..
ඒ වුණාට මොවුන් දෙදෙනාට දැඩි දඬුවම් පැනවිය යුතුයි.