(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇමති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුතා අද (01) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි එම කොස්තාපල්වරයා තුවාල ලබා ඇතැයිද, බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහර දී ඇතැයිද පොලිසිය කියයි.
සැකකරු 26 හැවිරිදි තැනැත්තෙකු බවද, ඔහු පොල්ලකින් පහරදී ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ.. ආරක්ෂක නිලධාරීන් ඒ.. ස්ථානයේ ඉවත් කරන්න ...... නඩුව ඉවර වෙනකන්ම ඉවත් කරන්න . !!!
ඔක්කොම මන්ත්‍රී පුතාල චණ්ඩි වෙලා. බලාගෙන නාහෙට අහන්නේ නැති කොස්තාපල් කෙනෙකුට පාට් දැම්මොත් අතේ තිබෙන තුවක්කුව පත්තු වෙන්න ඉඩ තිබෙනවා.
හෙට නිදහස්
පොලිස්කාරයෙක්ටවත් ගහන්න බැරිනම් තාත්තා මන්ත්‍රී වෙලා මොකටද? ඔය හොඳ හොඳ කාර් එලවන්නවත් බැරිනම් තාත්තා ජනාධිපති වෙලා මොකටද?