IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කොවිඩ් වැළඳුණු දරුවන් බිලිගන්න ’’නිහඬ මාරයා’’ හිස ඔසවයි

(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් දරුවන්ට "නිහඬ මාරයා" යනුවෙන් හැඳින්වෙන ඉතා බරපතළ රෝගී තත්වයක් ( Silent hypoxia) හටගන්නා බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර විශේෂඥ වෛද්‍ය නලින් . සී. කිතුල්වත්ත මහතා පැවැසීය.

කොවිඩ් වැළඳුණු දරුවෙකු සුව වීමෙන් පසු සාමාන්‍ය පරිදි කටයුතු කිරීමේදී හෝ සෙල්ලම් කිරීමේදී නොදැනුවත්වම රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම එම රෝගී තත්වයේ ස්වභාවය බවද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීමේදී හුස්ම ගැනීමේ අපහසුව, කතා කිරීමේ අපහසුව ආදි ලක්ෂණ පෙන්නුම් කෙරෙන නමුත් මෙම රෝගයේදී එලෙස පූර්ව ලක්ෂණ මතු නොවීමද විශේෂත්වයක් බව පැවසූ කිතුල්වත්ත මහතා කොරෝනා ආසාදනය වී ඇති දරුවන්ගේ ඔක්සිජන් ප්‍රතිශතය මේ තත්වය යටතේ සතියකට වරක් හෝ මැන බැලීම වැදගත් වන බවද ප්‍රකාශ කළේය.

සෙල්ලම් කිරීමෙන් පසු ඔක්සිජන් ප්‍රතිශතය සියයට 94ට වඩා අඩුනම් සහ සාමාන්‍ය පරිදි සිටින විට සියයට 96ට වඩා අඩුනම් වහාම දරුවන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙයට පෙර පැතිර ගිය ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූ දරුවන්ට රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් නොකළද ඩෙල්ටා ප්‍රභේදය සමග රෝග ලක්ෂණ මතුවීම වැඩිවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් ප්‍රමාණය අඩුවුවද දැඩි සත්කාර අවශ්‍ය දරුවන් ප්‍රමාණය සැළකියුතු ලෙස වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.

රෝහල්ගත කෙරෙන රෝගී දරුවන් ප්‍රමාණය අඩුවී ඇත්තේ නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම නිසා බවත් කොරෝනා අසාදනය වූ දරුවන් නිවෙස් වල රැකබලාගැනීමේ වැඩසටහනද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

මේ අතර, වයස 12ත් 18ත් අතර දරුවන්ට මොඩර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීම අනුමත වී ඇතැයිද කිතුල්වත්ත මහතා කීවේය

මේ සම්බන්ධයෙන් දැනටමත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සාකච්ජා පවත්වමින් සිටින බවත් එම වයස් කාණ්ඩයේ විවිධ සංකූලතා සහ නිධන්ගත රෝග තිබෙන දරුවන්ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඔහු පැවසුවේය

 



අදහස් (3)

කොවිඩ් වැළඳුණු දරුවන් බිලිගන්න ’’නිහඬ මාරයා’’ හිස ඔසවයි

Sri Lanka Tuesday, 24 August 2021 08:00 PM

ජනතාව බය කරන්න එපා. තමුන්ගේ බඩ රැකගන්න. කොරෝනා විකුණන් කෑම නවත්වන්න. රට සහ හෙට ගැන හිතන්න.

:       23       8

GemunuWednesday, 25 August 2021 10:26 AM

කරුණාකර මෙවැනි මෝඩ ප්‍රකාශ සඳහා අපේ රටේ නම භාවිතා නොකරන්න. තේරුම් ගත හැකි පුද්ගලයින් සඳහා වෛද්‍යවරයා මෙම ප්‍රකාශය කර ඇත. ඔබ වැනි මිනිසුන් සඳහා නොවේ.

:       2       3

Sri Lanka Wednesday, 25 August 2021 12:33 PM

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරන්න එපා. තමාගේ මතයම නිවැරැදියි හිතන්න එපා... අන් අයටත් ඇහුම්කන් දෙන්න. විවිධ මතවල වැදගත් දේ පමණක් උකහා ගන්න මගේ මිත්‍රයා. ස්තූතියි..!!!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31085 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 39 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site