(සුජිත් හේවාජුලිගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපකරණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටලවලට අදාලව සියළු ලිපි ගොනු ආයතනයේ සුරක්ෂිතව පවතින බව එහි සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා පැවැසීය.
එම උපකරණ සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිය ලබාදී නැතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය මාර්ගගත පද්ධතියේ තොරතුරු පිළිබඳව අසත්‍ය තොරතුරු රැසක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එම තොරතුරු තමා ප්‍රතික්ෂේප කරන බවත් විජේවන්ත මහතා පැවැසුවේය.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලියාපදිංචි කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පළමු සහ දෙවැනි පියවර සම්පූර්ණ කළ අයදුම්පත් දහතුනක් ලේඛනගත ක්‍රමය ඔස්සේ තුන්වැනි සහ හතරවැනි පියවර සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත්ව ඇති බවත් වෛද්‍ය උපකරණ ලියාපදිංචි කිරීමේ තාක්ෂණ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්නායකයන්ට අනුකූලව අයදුම්පත් හතරක් සඳහා ලියාපදිංචිය ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
තාක්ෂණික ඇගයීමේදී අදාළ නිර්ණායකයන් සම්පූර්ණ නොකළ අයදුම්පත් හයක් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ සභාපතිවරයා අයදුම්පත් තුනකට අදාළ ඇගයීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බවද කීවේය.
මේ සම්බන්ධයෙන් 011-2303156 දුරකතන අංකය අමතා වැඩිදුර තොරතුරු විමසා දැන ගත හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා... ඔයාලා විතරයිද ඇත්ත කියන්නේ? හොරකම් කරලා අහු වුණාට පස්සේ කියන දේවල් කවුද විශ්වාස කරන්නේ?