IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කල් ඉකුත් වූ හාල් කිලෝ ලක්ෂ 35ක් හිඟුරක්ගොඩ ගබඩාවක

(ක.ග.කරුණාරත්න)
 
වසර දෙකකට පමණ පෙර පිටරටින් ගෙන්වූ සහල් කිලෝ 350,000කට අධික තොගයක් වෙළඳපොළට නිකුත් නොකර හිඟුරක්ගොඩ සතොසට අයත් ගබඩා සංකීර්ණයක කල්ඉකුත්වීම සඳහා ගොඩගසා ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද(30) ප‍්‍රකාශ කළේය.
 
එම සම්මේලනයේ ලේකම් ටී.බී.සරත්මහතා ඇතුළු පිරිසක් අද ඒ සහල් ගබඩා පරීක්ෂා කරබැලීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් එසේ පැවැසීය.
 
මේ වනවිට එම සහල් සත්ව ආහාර ලේබලය යටතේ කුණුකොල්ලයට විකුණා දමමින් තිබෙන බව පැවැසූ කරුණාරත්න මහතා මෝල්හිමියන් ඒ සහල් නැවත වෙළඳපොළට නිකුත් කරන්නේද යන්න සැකයක් මතුවන බව කීය.
 
“මේ හාල් ගෙනත් තියෙන්නේ 2017 සැප්තැම්බර් මාසයේ. 2019 අගොස්තු පළමුවෙනිදා වෙනකම් මේ හාල් පරිභෝජනය කරන්න පුළුවන් කියලා නිර්දේශ කරලා තිබුණා. හැබැයි අවුරුදු දෙකක කාලයක් ගියා. අවුරුදු දෙකක් යනකම් මේ හාල් ගොඩ ගහලා සත්ව ආහාර දක්වා කල් ඉකුත් වෙනකල් තියාගෙන හිටියේ ඇයි?
 
2017 අවුරුද්දේ අපිට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න උවමනාවක් තිබුණේ නෑ. දැවැන්ත වී නිෂ්පානයක් තිබුනා. අපට වී මෙට්‍රික් ටොන් 36ක් තමයි අවුරුද්දටම අවශ්‍ය වෙන්නේ. නමුත් ලක්‍ෂ 45ත් 50ත් අතර අපි වාර්ෂිකව නිෂ්පාදනය කරනවා. හැම අවුරුද්දක්ම අපි පටන් ගන්නේ වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10කට වැඩි ප‍්‍රමාණයක් එක්ක. මේ තත්වය තුළ හාල් පිටරටින් ගේන්න උවමනාවක් නැතුව තිබියදී සල්ලි වියදම් කරලා මේවගේ හාල් තොගයක් ගෙනාවේ මොකටද? ඒ හාල් ගොඩගහලා තියාගෙන සත්ව ආහාර දක්වා කුණුකොල්ලයට විකුණන තැනට පත්කෙරුවේ ඇයි? 

මේ හාල් සත්ව ආහාර ලේබල් එක යටතේ ගිහිල්ලා ඊටපස්සේ මෝල්වලින් නැවත මේවා පොලිෂ් වෙලා නැවතත් එනවා ජනතාවගේ පරිභෝජනයට එනවා කියලා අපි සැකකරනවා.
 
මේ ආණ්ඩුව ආවට පස්සේ රජයේ වී තොග ගත්ත මිලට, රුපියල් 38ක් වාගේ ගත්ත මිලට මෝල් හිමියන්ට නිකුත් කරලා තිබෙනවා. ඒ වී මෝල් හිමියෝ කොමිස් තියාගෙන නැවත විකුණලා තියෙනවා. ඒ අනුව එම හිලව්වට මේ හාල්ම නැවත පොලිෂ්වෙලා එන්නත් ඉඩ තියෙනවා. කොහොම නමුත් සත්ව ආහාරයට මේවා ගියාට නැවතත්  මහජනයාගේ පරිභෝජනයට එන ඉඩකඩ වැඩියි.
 
කන්න නැතුව දරුවෝ බඩගින්නේ අඬනවා රූපවාහිනී නාලිකාවල පෙන්නවා. බඩඉරිඟු ඇටකනවා. සමහර දරුවෝ කියනවා වේල් දෙකකින් කෑවේ නෑ කියලා. ඊයේ ඉඳලා අද වෙනකල් කන්න මොකුත් නෑ කියනවා. බඩගෙඩිය පිටපැත්තට ඇලිච්ච මන්දපෝෂණයෙන් පෙලෙන දරු පැටව් ඉන්න ජනතාවක් ඉන්න රටක ජනතාවගේ බදු මුදල්වලින් මේ විදියට හාල් ගෙනැල්ලා පිස්සු නටන්න පාලකයින්ට ඉඩදෙන්න බෑ.
 
මේකේ මූලික වග උත්තරකරු පහුගිය ආණ්ඩුවයි. පහුගිය ආණ්ඩුව යටතේ තමයි මේ හාල් තොග ගෙනාවේ. ගෝඨාභය ජනාධිපතිතුමාට අපි කියනවා මේ ගැන නිසික‍්‍රියා මාර්ගය ගන්න කියලා. මේ හාල් තොග තිබෙන්නේ ඔබතුමාලගේ රජයේ ආයතනයක් යටතේ. මේක සතොසේ වැරැද්දක් නෙවෙයි. තැන් තැන්වල තිබුණු හාල් තොග තමයි මේ ගෙනැල්ලා ගොඩ ගහලා තියෙන්නේ. මේකට අදාල වගඋත්තරකරුවන්ට වහාම ක‍්‍රියා මාර්ග ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා” යැයිද නාමල් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේය.
 

 



අදහස් (7)

කල් ඉකුත් වූ හාල් කිලෝ ලක්ෂ 35ක් හිඟුරක්ගොඩ ගබඩාවක

tharundu Monday, 30 December 2019 05:19 PM

ඒ ගොල්ලෝ ආවම මෙයාලගේ දූෂණ කියනවා... මෙයාලා ආවම එයාලගේ දූෂණ කියනවා කියලා මහජනයා රවටනවා.. නමුත් ජනතාවට කිසිම සුගතියක් කාගෙන්වත් වෙලා තිබේද...!!!

:       0       0

kamil Monday, 30 December 2019 05:48 PM

සිනමා එපා. ඔය ටික හරක්ට දෙන්න කන්න.

:       1       0

thilaka Monday, 30 December 2019 05:49 PM

ලක්ෂ 69 ට ඔය ටික බෙදන්න.

:       0       2

kaamini Monday, 30 December 2019 05:51 PM

ඕවා ඉක්මනින් ලක්ෂ 69 ට කිරිබත් උයන්න දෙන්න.

:       0       1

Laksitha Monday, 30 December 2019 08:10 PM

බොරු කියන්න එපා. අපි දන්නවා කට්ටිය ගැන.....

:       1       0

Raveendra Monday, 30 December 2019 08:13 PM

මේවා නම් මෙලොවදීම ගෙවන්න වෙන පව්කාර වැඩ. මොන මිහරකා කරත්, කරුණාකර මෙයට සම්බන්ධ අයගේ සියලු තොරතුරු මහජනතාවගේ දැනගැනීමට සලස්වන්නේ නම් අපි කෘතඥ වන්නෙමු.

:       0       1

PA - RA Tuesday, 31 December 2019 04:20 AM

ජනතාව බඩගින්නේ. ඒ වගේම අපරාධයක්. මෙවැනි දේවල් වලට දැඩි දඩුවම් දීම අත්‍යාවශ්‍යයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13601 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 130 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site