(අජිත්ලාල් ශාන්තඋදය)
දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන් යටතේ මධ්‍යම රජය විසින් 2019 වර්ෂය තුළ රත්නපුර දිස්ත‍්‍රික්කයට ලැබුණු මුදලින් 66%ක් දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා යොදවා ඇති බව දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය.
රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුනේෂ් ගන්කන්ද මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණ ශ‍්‍රවනාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
එහි ලේකම්ධුරය දරන්නේ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියයි.
එහිදී රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රගතිය පැහැදිලි කරමින් අදහස් දැක්වූ දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා මෙසේ කීය.
2019 වසර තුළ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය හරහා ලැබුණු ප‍්‍රතිපාදන වලින් රුපියල් මිලියන 1838ක් වැයකර මාර්ග කිලෝමීටර් 211ක් ද පාලම් 3ක් ද සංවර්ධනය කළ බවත් ජීවනෝපාය සංවර්ධනයට මිලියන 110ක් වැයකළ බවත් එය ප‍්‍රතිශතයක් ලෙස 3.9%ක් බවත් ඔහු පැවසීය.
පාසල් දරුවන්ට ගොඩනැගිලි 52ක් සහ ක‍්‍රීඩාපිටි ඇතුළු අධ්‍යාපන භෞතික සම්පත් වෙනුවෙන් රුපියල් මිලියන 105ක් වැයකළ බවද දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා සඳහන් කළේය.
මිලියන 14ක් වැයකර සුලූවාරිමාර්ග 45ක් සංවර්ධනය කළ අතර එය 0.4%ක ප‍්‍රතිශතයක් බව ද ඔහු කීය.
මීට අමතරව විහාරස්ථාන 341ක්, කෝවිල් 159ක් මුස්ලිම් පල්ලි 31ක් සඳහා රුපියල් මිලියන 290ක් වැය කළ බවද සඳහන් කළේය.
මීට අමතරව රත්නපුර දිස්ත‍්‍රික්කයේ විදුලිය නොමැති නිවාස 645කට අලූතින් විදුලිය ලබාදන් බවද දිස්ත‍්‍රික් අධ්‍යක්‍ෂ (ක‍්‍රමසම්පාදන) ඩබ්.පී. සමන්තිලක මහතා රත්නපුර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දුන්නේය.
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කිලෝමීටර් 211යි - පාලම් 3යි වියදම කෝටි 183 යි
damith Monday, 10 February 2020 06:22 AM
අපේ අහේතුවට තමයි හැමදාම අච්චර, මෙච්චර වියදම් පාරවල්වලට, ගොඩනැගිලිවලට වියදම් කරා කීවට, එක සතයක්වත් කර්මාන්තයක් ඇති කරන්න, දියුණු කරන්න වියදම් කරා කියලා අහන්න නැත්තේ... ඉතින් ණය උගුලට අහුවෙන එක අහන්නත් දෙයක්ද?
Amula Monday, 10 February 2020 12:27 PM
අලුත් දෙයක් කරන්න අලුත් ඔලුවක් තියෙන කෙනෙක් එන්න ඕනේ. නැතිනම් මේ රටේ හැමදාම මෙහෙම තමයි.
පොඩි ළමයා Monday, 10 February 2020 01:08 PM
වැඩිම වියදම රුපියල් මිලියන 341 (ප්‍රතිශතය සදහන් නැත) ආගමික ස්තාන සදහා......
Don Monday, 10 February 2020 01:49 PM
රත්නපුරේ දියුණු කරපු අයට නොබෙල් ත්‍යාගය දෙන්න ඕනෑ.