IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චි

( සිතුම් චතුරංග)

කිලිනොච්චිය , පලෙයි ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවකට ඇතුල්වූ  පිරිසක් එම ආපන ශාලාවේ රැදී සිටිමින් ආහාරගත් පිරිසට හා ආපන ශාලාවේ මුදල් අයකැමිට  පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල සංසරණය වෙමින් පවතී.

පසුගිය 24 වැනිදා පොලු රැගෙන කඩාවැදුණු පිරිසක් ආපන ශාලාවේ රැදී සිටි පිරිස වෙත එලෙස පහරදී ඇති අතර මුදල් අයකැමිවරයා හට පහරදෙන අයුරු ආපන ශාලාවේ සී.සී.ටී.වී දර්ශනවල පටිගතවී තිබේ.

ආපන ශාලාවේ ආහාර ගැනීමට පැමිණි පුද්ගලයින් එලවා දමමින් මෙම පහරදීම සිදුකොට ඇති අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආපන ශාලාවේ රැදී සිටි පුද්ගලයකු පවසා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු බීමත්ව ආපන ශාලාවට තවත් නිලධාරීන් පිරිසක් සමඟින් සිවිල් ඇඳුමින් කඩාවැදී එහි සේවකයින්ට පහරදුන් බවයි.

මුව ආවරණ නොපැළඳ සිටි බවට පවසමින් එලෙස පහරදුන් බවත් ආපන ශාලාවේ රැදී සිටි බහුතරයක් මුව ආවරණ පැළද සේවය කරමින් සිටි බවත් වෙනත් කාරණාවක් හේතුවෙන් උරණවී මෙම පහරදීම සිදුකොට ඇති බවද පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බි.මැදවල මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ පලෙයි ප්‍රදේශයේ සිදුවීම සම්බන්ධව සමාජ ජාලාවල හුවමාරුවන වීඩියෝව සම්බන්ධයෙන් තමන් දැණුවත් නොමැති බවත් සිද්ධිය පිළිබඳ මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති අතර එ පිළිබද සොයාබලන බවත්ය.

 

 

 

 



අදහස් (0)

කිලිනොච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 554 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site