IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කාලගුණයෙන් රතු නිවේදන

(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් ගණනාවකට බලපා ඇති වැසි තත්ත්වය අද (22) සහ හෙට (23) දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

විශේෂයෙන් අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත‍්‍රික්කවලට මිලිමීටර 150, 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මාතලේ, පුත්තලම සහ මන්නාරම දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසිත්, දකුණු පළාතේ සහ මහනුවර, කුරුණෑගල, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ක පමණ තරමක් තද වැසිත් ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

කඳුකර ප‍්‍රදේශයන්හි නායයෑම්, පහත් බිම් ජලයෙන් යටවීම්, විශාල ගස් ඉදිරියාම ආදිය සිදුවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

කාලගුණයෙන් රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site