IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට එරෙහි නඩුව කල්යයි

(ඩී.ජී.සුගතපාල)
 
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා(රත්තරන්)ට එරෙහිව පවරා ඇති නඩුව  අද(03) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ල මෙහෙයවන අක්මීමණ පොලිසියට නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බව පැවසීම හේතුවෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු (31) දක්වා කල් තැබුවාය.
 
දහසය හැවිරිදි දැරියක අපයෝජයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු පවරා තිබිණි.
 
ඉකුත් පෙබරවාරි මස  28 අධිකරණයට බාරවු ඒ මහතා  රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

අක්මීමණ පොලිසියේ පොලිස් පරික්ෂක වික්‍රමතන්ත්‍රී මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර සැකකරු වෙනුවෙන් දසුන් තරංග මාවඩවිල සහ සංජන ගමගේ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.



අදහස් (1)

ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට එරෙහි නඩුව කල්යයි

Mahee Tuesday, 03 December 2019 09:13 AM

ප්‍රසිද්ධ කියමනක් තියෙනවා 'යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි" කියලා. ඒ අතින් අපරාදේ කියන්න බෑ. අපේ රටේ කිසිම නඩුවක් අවුරු 40 - 50 කට වඩා ප්‍රමාද වෙන්නේ නෑ. තාත්ත නඩුවක් දැම්මහම මුණුබුරාට තමයි තීන්දුව ගන්න උසාවියට යන්න වෙන්නේ.

:       0       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site