IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කොරියාවේ සිට ලංකාවට එන මගීන් සංඛ්‍යාව ඉහළට

(ටී.කේ.ජී.කපිල)

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරී පැවසීය.

දකුණු කොරියාවේ මේ වනවිට මෙම කොරෝනා වසංගත රෝගය වඩාත් වේගයෙන් පැතිර යමින් පවතින බව එරටින් ලැබෙන තොරතුරු මගින් අනාවරණය වේ.

ඒ අනුව අද (1) අලුයම 3.56 දකුණු කොරියාවේ ඉන්චියොන් සිට පැමිණි කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 182 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. මෙම පිරිස අතරින් 137 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.

මේ ආකාරයට පසුගිය දින කීපය තුළ දී දකුණු කොරියාවේ සිට , පෙර පැවති තත්වයට වඩා ශ්‍රී ලංකාවට  පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම ගුවන් යානයෙන් පැමිණි ශරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති, උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනා ගෙන, ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ වෙත විවිධ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් වේ .



අදහස් (11)

කොරියාවේ සිට ලංකාවට එන මගීන් සංඛ්‍යාව ඉහළට

Lanka Sunday, 01 March 2020 06:38 AM

අනුරුද්ධ, ඉක්මනට එන්න.

:       0       9

Lanka Sunday, 01 March 2020 08:54 AM

මේ එන අය නිරෝධනයට ලක්කරන්නේ නැද්ද? ළඟදීම ඉල්ලන් කන්න වෙයි.

:       1       104

Ranjan Sunday, 01 March 2020 09:55 AM

මේ එන අය මෙහෙ ටිකදිනක් හියාම තමයි මේ රෝගය පිටවෙන්නේ දින 14 -21 වගේ කාලයකින් එතෙක් මේ අය මේ රට තුළ සිට තව තව අයට මේ රෝගය බෝ කරනවා. නමුත් රජය මේ කරන දේ ප්‍රතිඵල ළඟදීම ඔබට සහ මට දැකගන්න පුළුවන්. ඩෙංගු රෝගයට පිළිතුරක් නැති මේ රටේ මෙවැනි රෝගයකට කිසිම සූදානමක් නැහැ. එන ඕනෑම කෙනෙක් රටට බාර ගන්නවා වගේම කිසිම අපහසුවක් නැතිව රටවල්වලට යන්න එන්න දී තිබෙනවා... අපි තවමත් ගුවන් ගමන් මෙහෙයවනවා චීනයට...

:       19       81

lankasri Sunday, 01 March 2020 10:35 AM

ඕනේ කුණු කන්දලක් ලංකාව බාර ගන්නවනේ.. ලංකාවට දෙයියන්ගේම පිහිටයි.

:       0       15

පිටිගල මිලානෝ Sunday, 01 March 2020 11:02 AM

මොකෝ කොරියාවේ අය ගෙනියන්න අර අඟහරු ලෝකේ ඇඳුමින් සැරසුණු වීර චිත්‍රපටියේ ගුවන්යානය ආවේ නැද්ද? රසායනික යුද්ධයකදී මෙන් ගෑස් මාස්ක් රණවිරුවන් ඔබලාව ගෙනියන්න හමුදා ආරක්ෂාව සමග ගුවන්තොටුපොළට ආවේ නැද්ද? දියතලාවට ගෙනියලා නොමිලේ කෑමබීම සමග වයිෆයි දෙන්න බැරිවුණාද? එහෙම නැත්නම් වීර තිරනාටකයක් මේකට ලියාගන්න බැරිවුණාද? මාත් කොරෝනා ආසාධිත මිලානෝ නගරයේ ජනේලයෙන් බලා ඉන්නේ අර අඟහරු ලෝකේ ඇඳුම දාගත්ත ගුවන්සේවිකාවක් අපිව බේරාගන්න එනකල්... තිස්තුනක් විතරක් බේරාගෙන දහස් ගණනක් අමතක කරනවා නම් එක වීරකමක්ද?

:       9       81

විපරමාSunday, 01 March 2020 12:13 PM

හොඳටම හිනායනවා. අපේ රටේ සීන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       0       8

කැලුම්Sunday, 01 March 2020 02:08 PM

පිටිගලට දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීලා. ඇයි හැමදාම අනුන්ට බැන බැනනේ ඉන්නේ.

:       0       0

සමන්තSunday, 01 March 2020 02:48 PM

චීනයට ඒ විදිහට ගියේ බීජිං වලටවත්, ෂැංහයි, කැන්ටන් වලට නෙමේ... එදා ගියේ කොරොනා පැතිර තිබූ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකට ඒ වගේම කොරෝනා ආසාධිත අය බහුලව සිටි පෙදෙසක සිටි පිරිසක් රැගෙන ඒමටයි...

:       0       0

BamunuarachchiMonday, 02 March 2020 12:29 PM

පිටිගලගේ මැටි අදහස් වලට පිළිතුරු දෙන්න යන්න එපා.

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 01 March 2020 11:51 AM

කොරියාවේ සිට එන සියල්ල කයිට්ස් දුපත වැනි ජනශුන්‍ය ප්‍රදේශයක සති තුනක් රඳවා තබා මුදාහරින්න. මෙය භයානක තත්වයක්...

:       0       6

සමන්ත Sunday, 01 March 2020 05:17 PM

චීනයට ඒ විදිහට ගියේ බීජිං වලටවත්, ෂෙන්හයි, කැන්ටන් වලට නෙමේ. එදා ගියේ කොරොනා පැතිර තිබූ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකට ඒ වගේම කොරොනා ආසාධිත අය බහුලව සිටි පෙදෙසක සිටි පිරිසක් රැගෙන ඒමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 920 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site