කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්තා කර ඇති බවය.
වර්ජනයේ නිරත වූ සේවකයන් සමග අද රැස්වීමක් කැඳවා වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා තවමත් යථා තත්වයට පත්කර නොමැති බවද ඒ මහතා කීය.
ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සේවය අත හැර ගියා සේ සලකන ලිපිය ගැන අපි කීව හරි" මෙම ලිපි ලබා දීමට දුම්රිය සාමාන්‍ය අදිකාරී විසින් යොමුකල යුතුව ඇත, ගැටලුව දුම්රිය සාමාන්‍ය අදිකාරී බේරා ගැනීම සදහා මෙම වර්ජකයන් පසුගියදා වර්ජනය කලා නොවේද ? එබැවින් මෙවර දුම්රිය සාමාන්‍ය අධිකාරී වර්ජකයන් බේරා ගැනීමට කටයුතු කරනු ඇත. තවදුරටත් මගීජනතව අපහසුතාවයෙන්. එබැවින් මෙම ලිපි ලබාදෙන්නේ කවදාද කියා මහජනතාවට කිය යුතුව ඇත,"
දුම්රිය වර්ජකයින් වරක් සේවක පිරිස් කොළඹට ඇදලා හවස වර්ජනය කළා. ගෙවල්වලට යාගන්න බැරිව මිනිස්සු දහදුක් වින්දා... සමහර වෙලාවට අතේ සතේ නැතිව සීසන් එක විතරක් තියන් මිනිස්සු වැඩට එනවා. මේ වර්ජකයන් ඒ තරම් අමානුෂිකයි. ඒ නිසා දඬුවමක් ඕනෑමයි.
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කරලත් සේවයට බැරි අයට ගෙදරම ඉන්න කියමු. අපිට කොච්චර අපහසු වුනත් විඳ ගන්නම්. සත පහක පඩි වැඩිවීමක් ලබා දෙන්න එපා. වැඩට නොයෙන අයට අනිවාර්යයෙන් දඩුවම් කරන්න.
එසේනම් දුම්රිය සාමාන්‍යධිකාරීවරයාද මෙම වර්ජන සදහා සහයෝගය දක්වා ඇත. ඔහුද සේවයෙන් ඉවත් කරනු.