IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


කාර්යාලයට සිමා නොවී ගමට ගොස් වැඩ කරන්නයි ජනපති කියයි


කාර්යාලයට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (7) ඉල්ලීමක් කළහ.

"ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට "ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ඉල්ලීම කළහ.

මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පැවැසීය.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදි කීය. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැති බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ද කීය.

සියයට 75ක් වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටලු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව ද කීවේය.

අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ද රාජපක්ෂ මහතා මෙහිදි අවධාරණය කළේය.

ග්‍රාමීය ගැටලු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් බැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස්, ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි පෙන්වාදුන්නේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන්, ගණකාධිකාරීවරුන් යනාදී රාජ්‍ය නිලධාරීන් සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

055



අදහස් (10)

කාර්යාලයට සිමා නොවී ගමට ගොස් වැඩ කරන්නයි ජනපති කියයි

sampath Thursday, 07 January 2021 03:13 PM

මේවා හොඳ ප්‍රසන්ටේෂන් වලට ... නමුත් දශමයක් ඉස්සරහට යන්න අපේ නිලධාරීන්ගේ ආකල්ප හොඳ නැහැ.. ජනතා ආකල්ප හොඳත් නෑ. ඒ නිසා මේවා හුදු පුවත් පමණක් වෙනවා. ගමට, ගමේ මිනිහට වැඩක් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට පිහිටුවා තෝරාගත් නිලධාරීන් ආයතනවලින් ගලවාගන්න තාවකාලිකව...

:       0       25

Naushi Thursday, 07 January 2021 05:00 PM

එහෙනම් ඔයත් ඔයාගේ ගමවන ඇමෙරිකාවට ගිහින් එහෙ වැඩක් කරන්න.

:       0       1

chandima Thursday, 07 January 2021 05:37 PM

ඉල්ලීම් කළාට ඒ ගොල්ලෝ යන්නේ නැහැ. ඒ ගියත් ටයි පොලු දාගෙන ඒසී වාහන වල තමයි.

:       1       0

Prabha Thursday, 07 January 2021 06:05 PM

අවුරුද්දකට පස්සෙත් තාම ඇඬියාව... 2/3 ත් දුන්නා. 20 දුන්නා. දැන්වත් වැඩක් කරලා පෙන්නන්නකෝ සර්.

:       0       1

Raveendra Friday, 08 January 2021 12:49 AM

අප රටේ මුල් පුරවැසියාගේ අදහස් නම් හොඳයි. එ්ත් රජයේ ආයතනවල ඉන්න උද්දච්ච මහෞෂධ පණ්ඩිත තකතීරු උසස් යයි කියන නිලධාරින් සමග මේවා ක්‍රියාත්මක කළ හැකිද යන්න ගැටළුවක් නොවේද?

:       1       0

wiky Friday, 08 January 2021 02:20 AM

කරන්න ගියාම තමයි තේරෙන්නේ.. පොහොර ගන්න නෑ. පොල් කඩන්න, පැළ හිටවන්න, ආරක්ෂා කරන්න යන වියදම... අන්තිමට ඉඩම කට්ටි කරලා විකුණන්න තමයි වෙන්නේ...

:       0       1

gama Friday, 08 January 2021 03:30 AM

මේවා මොනතරම් ප්‍රායෝගිකයිද කියලා කියලා බලන්න ඕනේ.. තියෙන ඒවත් ලිහිල් කරලා සැරසෙන්නේ මෙදා සැරේ නම් මරුම පින්කමකට... මිනිස්සුන්ට තව අවුරුද්දකින් විතර තේරෙනකොට ලංකාවට වෙන්න ඕනෙ හැමදේම වෙලා ඉවරයි. මිනිස්සුන්ට වැඩ කරන්න ඕනේ. ඒකේ කිසිම කතාවක් නැහැ. ඒත් නන්දසේන ලොක්කා සැරසෙන්නේ ඒ මුවාවෙන් කුරුල්ලෝ බාගන්න කියන එක දන්නේ වැඩකරන සේවකයෝ විතරයි.

:       0       1

ආණමඩුව Friday, 08 January 2021 07:35 AM

මම ආණමඩුවේ වත්තක් කරනවා. අවු 5ක් වෙනවා මම කිසිම ආධාරයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. අනවශ්‍ය නිසා නෙවෙයි, ගොවිජන එකට ගිහින් කාලය කන්න බැරි නිසා. මේ ළඟදී එතනට අපේ වත්තේ එක්කෙනෙක් යැව්වා පොහොර තියෙනවද බලන්න? එතකොට තිබුණලු දැන්වීමක් පොල් වතු තියෙන අයට ලියාපදිංචි වෙන්න කියලා ආධාර, දැනුම සහ කාබනික පොහොර සහන මිලට ලබාගැනීමට... ලියාපදිංචි වෙන්න ඇතුලට ගියාම ඒ අදාළ මහත්තයා නැහැ. එයාව හම්බවෙන්න සදුදා එන්න කීවලු. මම කිව්වා මේ වෙනකන් මම කාලෙ නාස්ති කරලා නැහැ ආණ්ඩුවේ කන්තොරු ගානෙ ආධාර ඉල්ලලා, ඒ නිසා ඉදිරියටත් කාලෙ කන්න ඕන නැහැ කියලා. මේ අවු 5ට මගේ වත්තට ඔය එක නිලධාරියෙක්වත් ඇවිල්ලා නැහැ. මේ නිලධාරින් කන්තෝරුවෙත් නැහැ.

:       0       2

ආණමඩුව Friday, 08 January 2021 07:36 AM

ඔය ප්‍රශ්නෙට තියෙන්නේ එක උත්තරයයි. ඔය AI සහ ගොවිජන සේවා නිලධාරින්ගෙන් වැඩගන්න නම් කරන්න ඕනෙ එක දෙයයි. AI ට සහ ගොවිජන සේවා නිළධාරිට අයත්වන රාජකාරි සීමාව තුළ තියෙන සැම ගමකටම දාන්න ඕන පොතක්, දිනයක් නියම කරන්න ඕන මාසයකට එක දිනයක් එක ගමකට. එදාට ගමේ අයට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනෑ. දෙන ආධාර සහ අනෙකුත් සියලුම දේවල් ගැන. ෆෝම් පුරවන්න කන්තෝරු ගානේ ගොවියො රස්තියාදු කරන්න ඕනෑ නැහැ එතකොට. අර කියපු පොතට අත්සන් ගන්න ඕනෙ පැමිණෙන සියලුම දෙනා. අමතර පොතක ගමේ ගොවි සමිතියේ තුන්දෙනෙකුගෙන් අත්සන් ගන්න ඕන AI සහ ගොවිජන සේවා නිළධාරි පැමිණිය බවට... එම පොත වසමේ ප්‍රධාන නිලධාරියා පරීක්ෂාකර අනුමත කරන්න ඕන AI සහ ගොවිජන සේවා නිළධාරි තමන්ගේ සේවා ගමන් සහ රාජකාරි නියමිත පරිදි කර ඇති බවට...

:       1       1

Rata Perata Friday, 08 January 2021 07:50 AM

ගමට යන්න නෙමෙයි.., රෙදි ඇඳගෙන ඉන්නවත් පුළුවන් විදිහටද තමුන් රට පාලනය කරන්නේ? කයිවාරුව විතරයි.

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 33 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 131 0

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්
2025 පෙබරවාරි මස 13 292 0

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි.


වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප
2025 පෙබරවාරි මස 13 149 0

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්ද


හිටපු ජනපති මහින්දගේ ආරක්‍ෂකයන්ගේ නිවසේ ජලය කපයි
2025 පෙබරවාරි මස 13 15 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම මාවත නිල නිවස පිටුපස පිහිටි යුද හමුදා භටයන් රැදී සිටි ගොඩනැගිල්ලේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන


ගමන් බෑගය මාරු වී විදෙස් කතතට කෝටි හතට මතුකුඩු ලැබිලා
2025 පෙබරවාරි මස 13 1050 0

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සී


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 156 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 129 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 919 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site