IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘

(යොහාන් භාසුර)

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්වාස කරන ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා අද (2) පස්වරුවේ පැවසීය.

අයවැය දක්වා අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට සාකච්ඡාවලදී පොරොන්දුවී ඇතැයි කී ලක්‍ෂ්මන් වීරසූරිය මහතා එසේ වැඩි වුවද තවත් රුපියල් 150 පාඩුවක් ඇති බවත් සඳහන් කළේය.

ආනයනකරුවන් පාඩුව කිරිපිටි සැපයීමට සූදානම් නොමැති නිසා හිඟය නැති වීමට නම් මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම වියයුතු බවත් මිල වැඩි කළ ද හිඟය සම්පූර්ණයෙන්ම නොව ක්‍රමානුකූලව අඩුවේ යැයි වීරසූරිය මහතා කීය.

වරායේ සිරවී ඇති කිරිපිටි කිලෝ 360,000 බදාදා නිදහස් කරගත හොත් බ්‍රහස්පතින්දා සිට බෙදාහරින බවත් කඩවල රාක්ක පිරෙන්න නම් අඩුම තරමේ තවත් සති හතරක් පහක් ගතවේ යැයි වීරසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (5)

‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘

නුවන් Sunday, 03 October 2021 11:37 AM

වැට් බද්ධ අහෝසි කල පසුව නුඹලා කිරිපිටි මිල අඩු කලේ නැත. පොළී අනුපාතය ඉතා පහළ දැමීමේ වාසිය ගියේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙතය.. ඒ කිසිවකින් පොදු ජනතාව ලද වාසියක් නොමැත..... මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කන්කෙඳිරි වලද නිමක් නැත.

:       2       6

Jagath kumara Sunday, 03 October 2021 02:02 PM

දැනටමත් දරුවන්ට මන්දපෝෂණය තව මාස කීපයකින් මිනිස්සු බඩගින්නේ ඉඳීවි කන්න බොන්න නැතුව.

:       3       4

sunil Sunday, 03 October 2021 02:03 PM

මේ 200 වැඩිවීම ආරම්භයක් පමණයි. ළඟදීම තවත් 150 කින් වත් වැඩි වෙයි.

:       1       6

H M Gunawardana Sunday, 03 October 2021 03:04 PM

ලංකාදීපයේ එක නිවුස් එකක දැක්කා කිර්පිටි මෙට්‍රික් ටොන් එකක මිල ඉස්සර ඩොලර් 3000ක්‌ වන බවත් නව මිල ඩොලර් 3700 වෙන බව. ඩොලර් එකක දැන් වටිනාකම රුපියල් 230ක් වුනත් කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 851000 මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 10000ක් කිරි පිටි කිලෝ එකක මිල 851000›බෙදන්න 10000න් එතකොට කොපමණ පාඩුවක් ලබනවද කියලා බලාගන්න පුළුවන් මෙහි වරදක් තියනවා නම් සමාවෙලා නිවැරදි කරන්න

:       0       0

fairoos Sunday, 03 October 2021 03:37 PM

කෝ අපේ සර්... තාම ඇමරිකාවේද ඉන්නේ.? එන දවස කියන්න අපිට කිරිබත් හදන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site