IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘කොරෝනා’ යැයි සැක තවත් තරුණියක් යාපනය රෝහලට

(සිතුම් චතුරංග, ප්‍රදීප් කුමාර සහ රොමේෂ් මධුශංක)
           
කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට සැකකරන තරුණියක වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යාපනය  ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බව  වවුනියාව මහ රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය එස්. නන්දකුමාර් මහතා පැවසීය.
 
වවුනියාව පදිංචි 24 හැවිරිදි තරුණියක වන ඇය චීනයේ සිට පසුගියදා මෙරටට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
           
උණ රෝගය හේතුවෙන් තරුණිය වවුනියාව රෝහලට ඇතුළත්ව ඇති අතර ඇය පිළිබඳ පරීක්ෂා කිරීමේදී කොරෝනා වයිරසය යැයි පළ වූ සැකය මත ඊයේ දිනයේදී යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවද  ඒ මහතා සඳහන් කළේය.
           
කොරෝනා වයිරසය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මේ වන විට පහසුකම් සලසා ඇති බවද ඔහු පැවසීය.
           
රෝගී තරුණියට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බවට තවමත් අනාවරණය නොවූ බවත්, රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉදිරි වෛද්‍ය වාර්තා අනුව ක්‍රියාකරන බවත් වවුනියාව රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
 
මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ අංග සම්පූර්ණ පහසුකම්වලින් යුත් වෙනම විශේෂිත වූ වාට්ටුවක් වෙන් කර ඇති බවද, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති ඕනෑම අයකුට රෝහලට පැමිණ පරීක්ෂා කරගත හැකි බවද, වයිසරයෙන් ආරක්ෂා වීම සඳහා පහසුකම් සපයා ඇති බවද යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා සහා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ජමුනානන්දන් මහතා කීය.



අදහස් (1)

‘කොරෝනා’ යැයි සැක තවත් තරුණියක් යාපනය රෝහලට

de silva Thursday, 06 February 2020 07:05 AM

වයිරස් එකෙන් බේරීමට තිබෙන එකම මාර්ගය චීනයේ සිට පැමිණෙන සියලු දෙනාම නිරෝධන මද්‍යස්ථාන වෙත යොමු කිරීමය, එහෙම නොකලොත් ඉදිරි සති කිහිපය තුල මේ ලෙඩ්ඩු දහස් ගණනක් සදහා වෙනමම රෝහල් ඇති කිරීමට සිදුවේවි.

:       0       207

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 564 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site