IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


“කොරෝනා පාලනයට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්න’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොරෝනා රෝග පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බව තමාට දැනගන්නට ලැබී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමතිවරිය සමග කතා කොට නොපමාව උපදේශක කාරක සභාව පත්කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ සාකච්ඡා කොට ඉක්මනින් පිළිතුරක් ලබාදෙන බවයි.

 



අදහස් (7)

“කොරෝනා පාලනයට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවක් පත් කරන්න’’

mihira Wednesday, 04 August 2021 05:40 PM

මහ ගොන්නු ගැනද ඔය කියන්නේ? අනේ නිකන් කණ පලාගන්නේ නැතිව යන්න... !!! 

:       7       6

fairoos Wednesday, 04 August 2021 06:10 PM

හා හරි... කතාකරලා කියන්නකෝ... අපි මැරිලා ඊළඟ ආත්මෙවත් විසඳුමක් ලැබෙයිනේ...

:       4       6

gamunu Wednesday, 04 August 2021 06:32 PM

මේ වනවිට කොරෝනා රෝග පාලනය සෞඛ්‍ය පාලනය කළ නොහැකි මට්ටමට පත්ව ඇත. සෞඛ්‍ය බලධාරීන් පසෙකට දමා දේශපාලන බල අධිකාරිය සියල්ල ඔවුන් යටතට ගැනීමේ ප්‍රතිඵල කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී යාමෙන්ම පෙනෙන්නට ඇත. ලංකාවේ සිදුවන්නේ දේශපාලන බලාධිකාරියට අවශ්‍ය පරිදි සෞඛ්‍ය බලධාරීන් වැඩකිරීමට සිදුවීම නිසා මෙම තත්වය හට ගෙන ඇත. දෙවනුව රටේ ජනතාවට පළමු එන්නත ලබාදී දෙවන එන්නත ලබාදීමේදී නිසි වේලාවට එම එන්නත ලබා දුන්නේද කියා විශාල ගැටළුවක් ඇත. එන්නත් මගින් නිසි ප්‍රමිතිය සහ ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට නම් සති 4ක් සහ සති 12ක් ඇතුළත එන්නත ලබාදිය යුතුව ඇත. නමුත් ලංකාවේ ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නත එය එසේ සිදුවීද? එසේ ලබාදුන් එන්නත් මගින් ජනතවට නිසි ප්‍රමිතියක් ලැබේද? කොවිඩ් වෛරසය මේ වනවිට වසර දෙකකට කිට්ටු කාලයකි. ලංකාවේ එන්නත ලබාගැනීම සඳහා නිසි ක්‍රමව්දයක් සහ ව්‍යුහය සකසා නොතිබීම නිසා ඉදිරියේදී එන්නත් දෙකම ලබාදුන්නද ගැටළු ගණනාවකට ජනතාවට සහ රජයට මුහුණ දෙන්නට සිදුවේ. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය ඇමතිවරියගෙන් ප්‍රශ්න කළයුතුවේ. මෙය ජනතා ප්‍රශ්නයකි. සත්‍ය රටට හෙලිකිරීම සෞඛ්‍ය ඇමතිවරියගේ වගකීමකි.

:       147       163

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 04 August 2021 06:44 PM

දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිණියගේ සෞඛ්‍ය ක්‍රමවේදයන් අසාර්ථක නිසා තමයි මේ සඳහා වෙනත් ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතු වන්නේ... සාකච්ඡා කරකර ඉන්න කාලයක් නැහැ. සීඝ්‍රයෙන් ලෙඩුන්ගේ හා මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙනවා. ඒ නිසා කරන දෙයක් හැකි ඉක්මණින් ප්‍රමාදවීම් වෙන්න වෙන්න මියයන සංඛ්‍යාව වැඩිවෙනවා...

:       171       173

Sri Lanka Wednesday, 04 August 2021 07:54 PM

ඔයා දන්නේ ඕක තමයි.. කමිටු පත් කරන්නයි, කොමිෂන් පතිකරන්නයි තමයි. අන්තිම කාලෙ හරි රටට වැඩක් කරන්න අපේ සල්ලි කාබාසිනියා නොකර...

:       532       646

chandima Wednesday, 04 August 2021 11:27 PM

ඔය කමිටු පත් කර කර ඉඳලා අන්තිමේ ඇඳන් හිටපු වස්තරෙත් නැතුව ගෙදර ගියා .මේ හදන්නේ තියෙන ආණ්ඩුවටත් ඒ ටිකම කරන්නද

:       0       0

කිරි පුතා Wednesday, 04 August 2021 11:31 PM

මෙයා කියන්නෙ එයාගෙන් උපදෙස් ගන්නම කියලනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site