(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් පාලනයට රජය මේ දක්වා රුපියල් කෝටි විසි පන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඩ් මර්දනය සඳහා මෙපමණ මුදලක් වැය කළේ රජයට මෙරට ජනතාවගේ ජීවිත වැදගත් නිසා යැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා කොරෝනා පාලනය සඳහා රජය එලෙස දිගටම කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
විශාල මුදලක් එන්නත්කරණයට වැයවන බවද හෙතෙම සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාද එන්නත ලබා ගැනීම ගැන සතුටු වන බවත් තමා එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන බවත් කබ්රාල් මහතා පැවසුවේය.
මේ අවස්ථාවේදී රටේ සියලුම දෙනා එන්නත ලබාගත යුතු බවත් ඒ සඳහා සියලු දෙනා ඉදිරිපත්වීම වැදගත් බවත්
මුදල් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
වැක්සින් එන්නේ ආධාර ලෙස. නොමිලේ සී විටමින් දෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ තරම් මුදලක් .මාරයි නේ
ජනතාවගේ ජීවිත වැදගත් නේන්නං! ජනතාව තමයි චන්දය දීලා ඔගොල්ලන්ව ඔතනට යවලා තියෙන්නෙ!
අම්මෝ එච්චර මුදලක් .හැබැයි ඉතින් වියදම නම් සැරයි
එන්නත් ඔක්කොම ලැබුනේ ආධාර වශයෙන් .හැම රටකින්ම දුන්නේ ආධාර විදියට .මේ ඔක්කොම දේශපලකයන්ගේ ගමන් වියදම්
කොරෝනා ව්‍යාපාරය අපේ රටේ මුදල් සේරම අරගත්තා... ඒකෙන් පරම්පරා ගාණකට ගොඩක් අය ගොඩ ගියා. මැරෙන හැමෝම කොරෝනා ගොඩට දාලා ජනතාව කුලප්පු කරනවා. බලාගෙන ඉම්මු මොකද වෙන්නේ කියලා...
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ,ජනතාවට තියෙන්නේ දෙන දෙයක් කළා වෙන දෙයක් බලාගෙන චන්දයක් ආවම කතිරේ ගහන්න ජයවේවා