(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා පාලන කටයුතු සඳහා රුපියල් කෝටි 1184ක පරිපූරක මුදලක් අනුමත කර ගැනීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලූත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනවල සම්මත කර කරගැනීමට නියමිතය.
මෙම අනුමත කර ගැනීමට නියමිත මුදලට පුනරාවර්තන වියදම් ලෙස රුපියල් කෝටි 1157ක්ද මූලධන වියදම් ලෙස රුපියල් කෝටි 27 ක පමණ මුදලක්ද ඇතුළත් වෙයි.
මෙම පරිපූරක මුදල අනුමත කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද දැනටමත් ලැබී ඇතැයි එම යෝජනාවේ සඳහන් වේ.
COMMENTS