(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ලබන 8 වෙනිදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එන්නත්කරණ වැඩසටහන ලබන 8 වැනි දා සිට සිට මෙසේ ක්‍රියාත්මක කෙරෙන දිස්ත්‍රික්ක 12 වන්නේ මාතලේ නුවරඑළිය කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට බදුල්ල, අනුරාධපුර පුත්තලම අම්පාර මඩකලපුව මොණරාගල හා පොලොන්නරුවයි.
මෙම දිස්ත්‍රික්කවල කොවිඩ් අවදානම වැඩි ග්‍රාම සේවා වසම් ඉලක්ක කරගෙන වයස 60ට වැඩි පුද්ගලයන්ට ,ගර්භනී මාතාවන්ට හා රජයේ සේවකයන්ට එන්නත් ලබාදීම සිදුකරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කීය.
බස්නාහිර පළාතෙන් පසු කුරුණෑගල, මාතර, ගාල්ල , රත්නපුර ,යාපනය,සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එන්නත් කරන වැඩ සටහන මේ දිනවල ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා එන්නත තවත් දිස්ත්‍රික්ක 12කට