IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


කොරෝනාවෙන් 13 වෙනියාත් මරුට

 

(ඔගස්ටින් ප්‍රනාන්දු)      

ඩුබායි සිට මෙරටට පැමිණ ස්වසන රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුවට ඇතුළත් කර සිටි රෝගීයා මිය ගොස් ඇත්තේ කොරෝනා වයිරසය වැළදීමෙන්  බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල මල්ලවආරච්චි මහතා අද (14) පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්ලිව්.ඊ.පෙරේරා (60) නැමැත්තෙකි. 

මොහු ඩුබායි රැකියාවකට ගොස් පසුගිය 2 වැනිදා මෙරටට පැමිණ පසුව 9 වන දින ස්වසන රෝගය වැළදී ඇතැයි කියමින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් පසුව ඔහු සම්බන්ධ‍යෙන් මුලික වෛද්‍ය පරික්ෂණයකින් පසු ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව හෙළි වුවත් රෝගියා හලාවත රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ රඳවා ප්‍රතිකාර  ලබා දුන් බවත් ඒ අතර ද ඔහු සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණයක දී ඔහුට කොරෝනා වැළදි නැති බව හෙළි වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

පසුව මෙම රෝගිය අද (14) අලුයම මිය ගිය අතර ඔහු සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පරික්ෂණ ඒකකය මගින් තුන්වන වරටත් සිදු කළ පරික්ෂණයක දී මොහු කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනා ගෙන ඇති බවට එම ඒකකය විසින් වෛද්‍ය වාර්තාවක් ඒවා තිබු බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය .

ඒ අනුව මිය ගිය අයගේ සිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු කොරෝනා ආසාදිතයින්ගේ දේහයන් සම්බන්ධයෙන් සිදු කරන ලෙස සිදු කිරිමට පියවර ගනු ඇති බවත් කිය .

මේ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය ලාංකිකයින් සංඛ්‍යාව 13 කි.



අදහස් (3)

කොරෝනාවෙන් 13 වෙනියාත් මරුට

Bamunuarachchi Monday, 14 September 2020 12:15 PM

කොරෝනා වැළඳී නැතිනම්, මොකටද මේ මරණය කොරෝනා එකවුන්ට් එකට දාන්නේ?

:       2       0

Dasa PMonday, 14 September 2020 01:14 PM

බමුණා ලිපිය අවසන් වන තුරු කියෙව්වේ නැද්ද? දෙවැනිදා ඉඳලා 09 වැනිදා වෙනකල් මේ රෝගියා ආගිය තැන් හොයන්න වේවි...

:       0       14

BamunuarachchiTuesday, 15 September 2020 04:40 AM

ඔහොම බලනකොට මීට කළින් කළ පරීක්ෂණ ශුවර් නැහැනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site