(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60 කට පමණ පෝෂ්‍යදායී ආහාර ලැබි නොමැති බව ආහාර අයිතීන් පිළිබඳ සොයා බැලීමේ ජාතික ආයතනය කළ  සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 10 ක සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවත් කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ 2020 දෙසැම්බර් මස සිට මේ වසරේ ජනවාරි 30 වැනිදා දක්වා කාලය තුළ කොළඹ, යාපනය, පුත්තලම, ගම්පහ, කළුතර, ගාල්ල, මඩකලපුව, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කළ එම සමීක්ෂණ වාර්තාව පසුගියදා එළිදැක්වීය.

එම සමීක්‍ෂණයට භාජනය වූ පුද්ගලයන්ගෙන් සියයට 71 ක් අඩු මිලට ආහාර ලබාගෙන ඇති බවත් සියයට 69 ක්  සතියේ  ආහාර වේල්වලින් වේල් පහක් ලබාගෙන නැති බවත් හෙළිවිය.

එම පුද්ගලයන්ගෙන් සියයට 14 ක් සතියකට දිනයක් හෝ දින දෙකක් එකම ආහාර වේලාවක් හෝ ගෙන නොමැති බවත් එම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.