IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරුංකා ප්‍රතිඅපනය සිද්ධියට තවත් දෙකක් සැකපිට

(ඉන්දිකා රාමනායක)

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කළ කරුංකා කන්ටේනර් තොගයක් ව්‍යාජ නිරෝධායන ලේඛන සකස්කර ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව කෘෂිකර්ම අමාත්‍යංශයේ  සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු සහ උපදේශකවරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම කරුංකා කන්ටේනර් තොගය 2020 අගෝස්තු මස දී මෙරටට ගෙන්වා ඇති අතර එය භෞතික පරීක්ෂාවකින් තොරව ලේඛන සකස් කර ව්‍යාජ නිරෝධායන ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මෙම  දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශකවරයා කීය.

මෙම කරුංකා කන්ටේනර් ව්‍යාජ ලේඛන සකසා ඉන්දියාවට ප්‍රතිඅපනය කර ඇති බවට රේගු දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රේගු ප්‍රධානියකු ඇතුළු ඇතුළු පුද්ගලයන් රැසක් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (0)

කරුංකා ප්‍රතිඅපනය සිද්ධියට තවත් දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site