
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
යුරෝපා සංගමය, ලෝක බැංකුව, ලෝක ආහාර සංවිධානය යන සංවිධානවල නියෝජිතයන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී යුරෝපා සංගම් නියෝජිතවරිය මේ බව පවසා තිබේ.
පිළිගත් ටෙන්ඩර් ප්‍රතිපත්තියෙන් පිට මෙරටට ලබා ගෙන ඇති කාබනික පොහොර සාම්පලයක් සම්බන්ධයෙන් පැළැටි නිරෝධායන මධ්‍යස්ථානය නිකුත් කර තිබෙන රසායනාගාර වාර්තාව පදනම් කරගෙන ඇතැම් පිරිස් ගොවි ජනතාව නොමඟ යවමින් වැරදි තොරතුරු සමාජ ගත කරන්න උත්සාහ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී විදේශ නියෝජිත පිරිස හමුවේ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ සහය වස විස ට !
සතුටුයි. ඒත් කියයිද දන්නෙ නැහැ ත්‍රස්ත පනත වෙනස් කළොත් තමා දෙන්නෙ කියලා.
යුරෝපේ සහාය මොන විදිහට දුන්නත් කාබනික පොහොර ගෙන්වන්නේ චීනෙන් ,එච්චරයි