(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පෞද්ගලික බස්රථ වලින් කප්පම් ගත් බව කියන පිටකොටුව බැස්ටියන් මාවතේ වේලා සටහන්කරුවන් තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
මෙම කප්පම් මාෆියාව නතර කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ ස්ථාන පාලක නිලධාරිවරයා සහ ධාවන කළමනාකරවරයා ද ස්ථාන මාරුවීම් කළ බවද හෙතෙම කීය.
මීට අමතරව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශීය කාර්යාල හතකට අනුයුක්තව සේවයේ නිරත වේලා සටහන්කරුවන් සියලුදෙනා මේ වන විට ස්ථාන මාරු වීම් කිරීමට පියවර ගෙන ඇති බවද සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය .
මේ පිළිබඳව තවදුරටත් අදහස් පළ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා මෙසේද කීය.
"පසුගියදා බස් සංගම් සමඟ අපි සාකච්ඡාවක් කළා. එහිදී පිටකොටුව, බැස්ටියන් මාවතේ වේලා සටහන්කරුවන් කප්පම් ගන්නවා කියලා බස් සංගම් වල සාමාජිකයින් පැවසුවා. එක් බස් රථයකින් රුපියල් 100 ක් ගන්නවා කියලා පැවසුවා. මෙන්න මේ නිසා අපේ මාර්ග පරීක්ෂක නිලධාරින් කණ්ඩායමක් යොදවලා මේ කප්පම් ගන්න බවට සැක කරන වේලා සටහන්කරුවන් තුන්දෙනකු කොටු කරගත්තා. මින් ඉදිරියට වේලා සටහන්කරුවන්ට කප්පම් දෙන්න එපා කියලා සියලුම බස්රථ රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙම වේලා සටහන්කරුවන්ට මසකට රුපියල් 40,000 ක පමණ වැටුපක් ද ලැබෙනවා. මින් ඉදිරියට මෙවැනි දේවල් වෙන්න දෙන්නේ නැහැ."
COMMENTS
හලාවත කොළඹ සීඝ්‍රගාමී හා සාමාන්‍ය බස් දෙකේම වේලා සටහන්කරු සල්ලි ගන්නවා අපි ඇස් දෙකටම දකිනවා. විශේෂයක්ම නැතිව සෑම බස් රථයකින්ම ගන්නවා.