IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කප්පම්කරුවෝ 6 ක් එස්ටීඑෆ් දැලේ

(ඉන්දිකා රාමනායක)


රණාල, ජල්තර, ඇඹුල්ගම හා නවගමුව යන ප‍්‍රදේශවල පුද්ගලයන් බියකර කප්පම් ගැනීමේ නිරත සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන අංගොඩ ලොක්කාගේ හා ඌරුජුවා හා ඉන්ද්‍රා නැමැත්තන්ගේ ගෝලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.


මොවුන් සතුව තිබී හොරොයින්, කේරළ ගංජා, කඩුවක්, ව්‍යාජ අංක තහඩු තුනක්, පොලිසිය රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීම සදහා භාවිතා කරන සංඥා මුගුරක්, ජංගම දුරකතන තුනක් භට පිරිස් බාරයට ගෙන ඇත.


විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්,  සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 1- 2 හි  නිලධාරීන්  එක්ව මෙම ප‍්‍රදේශ වටලා  නිවෙස් පරීක්ෂා කිරීමේ දී  සැකකරුවන්  අත්අඩංගුවට ගනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන්  අතරින් කිහිප දෙනකු ඝාතන රැසකට හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.


ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්  හා පුද්ගලයක්  බියගන්වා මෙම සංවිධනාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්   මහපරිමාණයෙන් කප්පම් ලබා ගන්නා  බවත්,  දිගින් දිගටම සිදුකරන  මෙම  කප්පම් ගැනීම් හා ජාවාරම්  නවතා දැමීම සඳහා ප‍්‍රදේශය පුරා මෙම මෙහෙයුම්   සිදුකරන බවද  විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා නවගමුව හා හංවැල්ල පොලිස් ස්ථාන වෙත බාර දී ඇත.



අදහස් (3)

කප්පම්කරුවෝ 6 ක් එස්ටීඑෆ් දැලේ

රවින් Sunday, 01 December 2019 09:40 AM

අයියෝ ! හොර බඩු හොයන්න ගියා... පැනලා යන්න හැදුවා. වෙඩි තියලා මෙල්ල කළා. දැන් ඉස්පිරිතාලේ... එකම ප්‍රතිකර්මේ එ්ක තමයි. නැතිනම් අාපහු එළියට පරණ පුරුදු ජොබ් එක...

:       1       54

ManojSunday, 01 December 2019 11:22 AM

ඇත්තටම ඒක තමයි හොඳම විසඳුම, එ්ත් මතකයිනේ මහින්ද ආණ්ඩුවට ගැහුවේම NGO කාරයෝ ඕක කියලනේ.. ඒ නිසා දැන් පොලිසිය පරිස්සමින් වැඩ කරන්න.

:       1       34

උදය Sunday, 01 December 2019 01:18 PM

ඇත්තටම රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඔබ ඔය කිව්ව දේ තමයි. යූටියුබ් විඩියෝ බලන්න ඇමරිකාවේ වුණත් ප්‍රශ්න ඇති කරන අපරාධකාරයින්ව අත්දෙක ඔසවලා යටත් වුණත් පොලිසියෙන් වෙඩි තියලා මරනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site