IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දමයි

(තිළිණි ද සිල්වා සහ හර්ෂණ තුෂාර සිල්වා)

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශය මගින් සපයන සියලු කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දැමීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අංශය හෙට (17) සිට 20 වැනිදා දක්වා වසා දමන බවත් විදේශකයකදී සිදුවන ශ්‍රී ලාංකිකයකුගේ මරණයක් සම්බන්ධ සහ මරණවලට අදාළ ලියකියවිලි සකසා ගැනීමේ සහාය යනාදී ගැටලුවලට පමණක් ප්‍රමුඛතාව මත සේවා සපයන බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

011 233 5942 සහ 011 233 8847 යන හදිසි දුරකතන අංකවලින් විස්තර ලබාගත හැකි බව ද එම අමාත්‍යාංශය කියයි.

මේ අතර කොරෝනා වයිරසය වේගයෙන් පැතිරයාම හේතුවෙන් යුරෝපයේ පිහිටි තවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාල තුනක කොන්සියුලර් සේවා සැපයීම අද (16) සිට යළි දැනුම් දෙනතුරු සීමා කිරිමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ,බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නොර්වේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල කොන්සියුලර් කටයුතු මෙලෙස සීමා කර ඇත .

එම ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඉටු කරන කොන්සියුලර් සේවා, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම අද (16) සීමා කෙරුණු අතර ඒ අනුව මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන හදිසි සේවා පමණක් සිදු කරනු ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

අදාළ තානාපති කාර්යාල අවශ්‍යතාව සලකා මෙම සේවා සැපයීමට කටයුතු කරන බවත් , ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් එම තානාපති මණ්ඩල කාර්යාල පරිශ්‍රවල අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැළැක්වීම සඳහා එම කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව අයැදුම් කිරීමකින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්ය යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (0)

කොන්සියුලර් සේවා 20 වැනිදා දක්වා නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 163 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site