(ඩී.ජී.සුගතපාල)
දෙදරු මවක් (23) බලහත්කාරයෙන් රැගෙන යමින් සිටි ත්‍රි රෝද රථයක් හැව්ලොක් පාරේ ඇළට පෙරැළීමෙන් පසු ත්‍රි රෝද රථය ගොඩට ගෙන කාන්තාව බේරාගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල පදිංචි 26 සහ 30 හැවිරිදි දෙදෙනෙකි. පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා ගාල්ල හැව්ලොක් පාරේ රේස් බයි රේස් ඔට්ටු මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර ඔහු එනතුරු ඇය ඒ අසළ සිට ඇති බවයි.
එසේ සිටිය දී රාත්‍රී 11 ට පමණ චීන කොරටුව පෙදෙසේ සිට පැමිණි ත්‍රී රෝද රථයක් ඇය අසළ නවත්වා එහි පිටුපස අසුනේ සිටි පුද්ගලයා එක්වරම ඇයගේ අතින් ඇද ත්‍රීරෝද රථයට නංවාගෙන ඇති බවයි.
රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඇළට පෙරැළී ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්.
ගෑණු කෙනෙක් ත්‍රීවීල් එකක් හොරකම් කරන් යනවා කියලා හිතුවේ
මේ මොනවද වෙන්නේ, අපේ සර් ආවානම් මේවා වෙන්නේ නැහැ.
ඉස්සර ධර්මද්වීපය කියලා කියපු රටක් නේද මේ?
සසර වසන තුරු... නිවන් දකිනතුරු....