
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000 කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් ලබන මාර්තු 05 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අභියාචනාධිකරණය පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට අද (18) නොතීසි නිකුත් කළේය.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම නොතීසි නිකුත් කෙරිණි.
එසේම එම පෙත්සම් මාර්තු 05 වැනිදා සලකා බැලීමට ද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කෙරිණි.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිෂාන්ත සොයිසා, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න , ජාතික බුද්ධි සේවා ප්‍රධානී ජීවන රුවන් කුලතුංග , රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සාලේ , රේගු අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සදහන් වේ.පෙත්සම්කරු රටේ ආගම් අතර සහජීවනය අපේක්ෂා කරන ආගමික නායකයෙකි.පසුගිය 2019 අප්‍රේල් 21 වැනිදා සහරාන් හෂීම් නැමැත්තා ගේ නායකත්වයෙන් කොච්චිකඩේ කතෝලික දේවස්ථානය ඇතුළු දේවස්ථානය කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි.පසුව මෙම සිද්ධිය පිලිබද සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කොට ඒ පිලිබද පරීක්ෂණ වාර්තාවක්ද ජනාධිපතිවරයාට බාර දුන්නේය.
පසු කාලයේදී කොළඹ ආශ්‍රිතව මුස්ලිම් පල්ලි පරීක්ෂා කිරීමේදි විශාල කඩු ප්‍රමාණයක් සොයා ගෙන ඇත.මේ ආකාරයට කඩු 6000 ක් පමණ සොයා ගෙන තිබේ.මේ කඩු ෂර්වුඩ් නැමැති සමාගමක් මගින් මෙරටට ආනයනය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබී ඇත.
එබැවින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කරන ලෙසත් , කඩු ඇතුළු ආයුධ මෙරටට ආනයනය කිරීම පිලිබද නිසි විමර්ශනයක් පවත්වන ලෙසට නියෝග කරමින් පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 21
19
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
136
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
982
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කාදිනල්තුමන්ගේ පෙත්සම ගැන කරුණු දක්වන්න පොලිස්පති -ආරක්ෂක ලේකම් 5වැනිදා කැඳවයි
fairoos Thursday, 18 February 2021 10:34 AM
කාඩිනල් තුමා.... නඩුත් හාමුදුරුවන්ගේ.. කඩුත් හාමුදුරුවන්ගේ...