(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මස 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය .
මෙම වැඩමුළුවට පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය .
විවිධ පාර්ශව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන හෙයින් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති .
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වත්හු කිහිප දෙනෙක් මෙම වැඩමුළුව මෙහෙයවති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මන්ත්‍රීවරුන් පැමිණිය යුතුයි.
පණත සම්බන්ධව අසත්‍ය ප්‍රකාශ කවරෙකු හෝ සිදු කරන්නේ නම්, නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් දිය හැකියි නේද? එසේ නොකරන්නේ කිසිවෙකු හෝ අසත්‍ය පවසන්නේ නැති නිසා නේද? පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනාට මේ පනතේ ඇති සත්‍ය අසත්‍යතාව තේරුම්ගත නොහැකි වනුයේ, ඔවුන්ගේ දැනීම ඒ තරමටම ඉහළ මට්ටමේ පවතින බැවිනි. එසේ හෙයින්, ඔවුන්ට ඉගැන්වීමට ටියුෂන් පන්තියක් පැවැත්වීමේ වරදක් නැති බව පෙනේ. එහෙත්, ඉගැන්වීම පක්ෂග්‍රාහී ආකාරයකට කෙරුණොත් වැඩක් ඇත්තේම නැත...
එක විෂයකට එක ගුරුවරයෙක් ඇත්නම්, ලෝකෙටම එකම විශ්ව විද්‍යාලයක් මදිද? අලුතින් සරසවි නොහදා යල්පැනපු ආයතනයක් අල්ලන් දඟලන්නේ මොකටද?
දැන් අර කලින් පනතට විරුද්ධයි කියපු අයත් පක්ෂ වෙයිද දන්නේ නෑ සංවේදී වෙලා...!!!