IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ගන්නවාට විරෝධය

(රංජන් කස්තුරි)

සිවිල් සිසුන් බඳවා ගැනීමට බලතල නොමැති කොතලාවල ආරක්ෂිත විශ්ව විස්‍යාලයේ වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් 100 දෙනකු බඳවා ගැනීමේ ආණ්ඩුවේ  තීරණයට අප්‍රසාදය පළකරන බව අධ්‍යාපන මිල්ටරි කරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 85කින් සමන්විත අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට 2019/2020 වසර සඳහා සිසුන් බඳවා ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට සිදුසුකම් ලැබූ සිසුන් බොහෝ දෙනකුට එම අවස්ථාව අහිමි වූ බව ද එම ලිපියේ සඳහන් කර ඇත.



අදහස් (8)

කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ගන්නවාට විරෝධය

චන්දන Monday, 04 October 2021 03:14 PM

ඔයාලා විරුද්ධ වුණාට වැඩක් නැහැ... යන්න කැමති අය යනවා.

:       3       25

SL Monday, 04 October 2021 03:39 PM

මේ අය මේ රට හැදෙන්නම දෙන්නේ නැහැ. ඉතාම ඉක්මනින් ලංකාවේ සිසුන් මාලදිවයිනෙත් යනවා විශ්වවිද්‍යාල අධ්‍යපනයට. මේ අය හිතන්නේ හැම දෙයක්ම නොමිලෙත් දීලා,හැමෝටම රජයේ රස්සාත් දීලා,පෙන්ෂනුත් දීලා,පොහොරත් දීලා, වීත් රජයම අරගෙන හාලුත් නොමිලේම දීලා ණයත් නොවී ,ඩොලරයත් රුපියලට අඩුවෙන් තියාගෙන රට දුවන්න ඕනේ කියලා.

:       3       27

කිරි පිතා Monday, 04 October 2021 04:12 PM

මේ මොන කතාවක්ද අධ්‍යාපන මිලිටරිකරණය. මේ සංගම්වවලට ඕන ළමයින්ට ලැබෙන අවස්ථාව නැති කරන්න. මේ මිනිසුන් නම් පුදුම වදයක් රටට

:       3       21

විපරමා Monday, 04 October 2021 04:34 PM

ලංකාවේ දරුවන් ඉගෙන ගන්නවට ඇයි ඔය තරම් විරුද්ධ. සමහර මිනිසුන් තුළ තියෙන කුහකකම මිසක් වෙන මොනවද ? සදහටම නොමැරී ජීවත් වෙන්ඩ හිතන අයත් ඇති.

:       2       15

Mansoor Monday, 04 October 2021 05:05 PM

ඔබේ සියලු ප්‍රතිචාර නිවැරැදිය...

:       0       7

අතුල සෞදි Monday, 04 October 2021 05:39 PM

ඉතාමත්ම සාධනීය අදහස්.රට හදන්න මේ ආකල්ප වෙනස අත්‍යවශ්‍යය. අද ලෝකයේම නැති සමාජ්වාදයක් ගැන කතා කරන පක්ෂ සහ සංවිධාන තව දුරටත් වලංගු නොවේ.

:       0       2

Bamunuarachchi Monday, 04 October 2021 09:51 PM

ඇතුල් වෙන සිසුන්ට මිලිටරි ක්‍රම හොඳයි කොහෙවත් ඉන්න අයටනේ අමාරුව හැදිලා තිබෙන්නේ

:       1       4

chandana Tuesday, 05 October 2021 04:31 PM

ජීවිතය සාර්ථක කරගන්න කැමති මිනිස්සුන්ට හොඳ විනයක් කියන්නේ ආභරණයක්. ඒ්ක හිතට බරක් නෙවෙයි. ජීවිතයම පිස්සුවෙන් ගත කරන අරමුණක් නැති අයට නම් ඒ්ක අවුල් තමයි. ඉතින් අවුල් අය පැත්තකට වෙලා ඉඳලා කැමති අයට ඉඩ දුන්නම ඉවරනේ. මිලිටරීකරණය ලෙස ඔවුන් හඳුන්වන ඒහෙත් විකාර සමිති සමාගම් නැති විනයානුකූලව අධ්‍යාපනය ලබාගන්න කැමති තරුණයින් ඕනෑතරම් ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site