
(ඩයනා උදයංගනී)
එළඹෙන සඳුදායින් පසු රජය තීරණය කරන ඕනෑම දිනකදී කතෝලික පාසල්වල ඉගැන්වීම් කටයුතු ආරම්භ කර පවත්වාගෙනයෑමට තීරණය කර ඇතැයි, ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අගරදගුරු පදවි අධ්‍යාපන අධ්‍යක්‍ෂ, ගැමුණු ඩයස් පියතුමෝ පවසති.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ නිල ප්‍රකාශනයට අනුකූල වෙමින් පාසල්වල ඉගැන්වීම් කටයුතු 25 වැනිදායින් පසු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර ඇතැයි ද ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම තීරණයට එකඟව කටයුතු කරන ලෙස සියලු කතෝලික විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
ගුරුවරුන් තමන්ගේ වරප්‍රසාද දිනාගැනීම සඳහා සිදුකරන අරගලය නවතාලීමේ බලාපොරොත්තුවක් කතෝලික සභාවට නැති බවත්, එම අරගලයට ශක්තියක් වීමට ද කතෝලික සභාව සූදානම් බවත් ගැමුණු ඩයස් පියතුමන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
කතෝලික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සිය ඉගැන්වීම් කටයුතුවල අඛණ්ඩව නිරත වුවත්, තමන්ට හිමි අයිතිවාසිකම් ලබාදීමට අපොහොසත් වී ඇති රජය කෙරෙහි අසතුට ප්‍රකාශ කිරීමේ සංකේතයක් ලෙස පාසලේ බාහිර කටයුතුවල නිරත නොවනු ඇතැයි ද එහි සඳහන් වේ.
COMMENTS
රැවුලයි කැදයි දෙකම බේර ගන්න වගේ මෙයාලාගෙ උත්සාහය.
පාසල් ආගම් වලට කැඩුවම කොහොමද සංහිදියාවක් තියෙන්නේ? පාසල් සියල්ලම එකම ශ්‍රී ලාංකීය පාසල් කරලා කැමති ආගමක් එළියෙන් ඉගෙන ගන්න සැලස්සුවනම් සංහිදියාවට ගොඩක් හොඳයි
කාටවත් අපේ දරුවන් ගැන වැඩක් නෑ.
රැවුලයි කැදයි දෙකම බේර ගන්න වගේ මෙයාලාගෙ උත්සාහය.
මාර දිව දෙකේ කතාවක් තමයි ඒකනම්... කකුලක් රෝමයේ වතිකානුවේ... අනික ලංකාවේ වගේ...
දරුවන්ගේ අධ්‍යාපනයට හෙන ගැහිලා ගියත් කමක් නැහැ කියලා හිතන කුහක මිනිස්සුත් මේ රටේ නැතුවා නෙවෙයි... සමහරුන්ට පාසල් ඇරියත් වැරැදියි, වහගෙන හිටියත් වැරැදියි. ගුරු ප්‍රශ්න විසඳීම රජයේ වගකීමක්...