IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී

(රංජිත් රාජපක්ෂ)
                       
නාවලපිටිය පොලිස් වසමට අයත් මාවතුර දඹගල්ල ප්‍රදේශයේ කොත්මලාඔයේ ඉවුරේ ගල් බෙනයක  තිබී පුපුරන ද්‍රව්‍ය රැසක් සොයාගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.පි.කළුගම්පිටිය මහතා පැවසීය.
 
කොත්මලා ඔයේ දියනෑමට ගිය තරුණයන් පිරිසක් ගල් බෙනයේ වූ පුපුරන ද්‍රව්‍ය දැක ඒ බව නාවලපිටිය පොලිසියට දැනුම්දී ඇත.
 
ගල් බෙනයේ තිබී ඩෙටනේටර් 99 ක්, සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍යය කිලෝ 1 කට ආසන්න ප්‍රමාණයක් සහ යුද හමුදාව විසින් උත්සව අවස්ථාවල භාවිත කරනු ලබන දුම්බෝම්බ 8ක්ද  සොයාගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 
ඩෙටනේටර් 99,  මහනුවර පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ආරක්ෂිත හේතු මත එම ස්ථානයේදී ම පුපුරවා විනාශ කර ඇත. සි 4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සහ දුම්බෝම්බ වැඩිදුර පරීක්ෂණ සඳහා නාවලපිටිය පොලිසියට භාර දී ඇත.
 
ගල් බෙනයේ තිබූ පුපුරන ද්‍රව්‍යයකිසියම් පිරිසක් රැගෙනවිත් සඟවන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීහු සැකකරති.
 
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (8)

කොත්මලාඔය ඉවුරේ ගල්බෙනයකින් පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයාගනී

SANJEEWA Tuesday, 07 July 2020 02:25 PM

ඡන්දෙ නැගිටින කොට කොටි නැගිටිනවා. රාජපක්ෂ ලොජික්...

:       116       353

samare Tuesday, 07 July 2020 02:35 PM

ඡන්ද කාලේදී දාන මේ සංදර්ශනවලට ලංකාවේ මිනිස්සු දැන් අහුවෙන්නේ නැත...!!! ඔය පුපුරන ද්‍රව්‍ය සොයාගත් තරුණයින් කියන අයට කීයක් දුන්නද? ඕවා ඔතන තියලා පසුව පොලිසියට කෝල් කරන්න. ලැජ්ජයි මහින්ද ...මේ පාර ඔහේගේ ආගමනයක් නැත.

:       166       252

Pinaa Tuesday, 07 July 2020 03:51 PM

අයියෝ මෙව්වා යල් පැනගිය නාඩගම්... චන්දයක් කිට්ටු වෙද්දී සිදුවෙන... දුක මිනිස්සු තවමත් මේවට රැවටේනවනේ

:       141       205

janahitha Thursday, 09 July 2020 08:56 AM

පල්ලිවලට බෝම්බ ගහන්න පෙරත් ලැබුණු තොරතුරුවලට ඔහේලා ඔහොම තමයි කිව්වේ... අන්තිමට කෑවා. දේශපාලනය වඩා අගයන මිනිස්සු ඡන්දෙ ගන්න බෝම්බ එකතු කරලා නම් බැහැ... ඒක ඇත්ත.

:       0       0

fairoos Wednesday, 08 July 2020 08:01 AM

යහපාලනය කාලේ බුද්ධි අංශය නැහැ... දැන් සර් ඇවිල්ලා බලන්න ඔක්කොම අහුවෙනවා...

:       0       32

සරත් Wednesday, 08 July 2020 08:07 AM

එක දිගට පලවෙන, මේවාගේ පුවත් දකිනකොට අපට සිතෙන්නේම මේවා ප්ලෑන් කරලා කරන වැඩ කියලාමයි..

:       95       124

janahitha Thursday, 09 July 2020 08:59 AM

අප්‍රේල් මාසයේ ප්‍රහාරයත් එහෙම තමයි වුණේ... සිංහලයින්ට පහර දෙන එක ඉතාම පහසුයි. ඔවුන් දේශපාලනය තමන් අදහන ආගමට වඩා අගය කරන අන්ධ භක්තිකයින් නිසා..

:       0       0

දර්ශන හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 08 July 2020 11:58 AM

නාවලපිටියෙන් හමුවුනා නම් බඩුම තමා. යාලුවා මේවට බොහොම දක්ෂයි. පාර්ලිමේන්තුවේ රණේට මිරිස්කුඩු දුන්නෙත් මෙයානේ..

:       54       158

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 62 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site