
(රංජන් කස්තුරි)
කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය මහතා ආන්දෝලනයකට තුඩු දුන්නේය.
ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.

COMMENTS
ගෙදර යැව්වානම් මේ ගොයියට නැවත රස්සාව දෙන්නේ හම්බයෝ ඕනේ නිසාද?
එහෙනම් පරන සෙල්ලම අලුත් වටයකින් පටන් ගනියි. බැරිද මෙයාව කාත්තන්කුඩියට මාරු කරල යවන්න
හම්බයින් නැතුව විස්සත් බැරි වුණානේ.... ලංකාවට හම්බයින් නැතුව බෑමයි...
ආයෙත් පරණ පුරුදු දේ කරන්න පටන් ගනීවි...
නාට්‍යය ඉවරයි...!!!
බමුණාට හරි අමාරුයි නේද?
ප්‍රථමයෙන්ම, කතාකරන්න ඉගෙනගන්න. මොනවද මේ හම්බයින් කියකියා ගොබ්බ කතා කියන්නේ..? මේවා දැකලා අහලා එපා වෙලා. හොඳ බෞද්ධයින් මෙසේ හැසිරෙන්නේ නැහැ. මේවායින් අපට හිතවත් හොඳ මුස්ලිම්වරුන් නොමඟට යනවා. රටක් හැටියට එය සිදුනොවිය යුතු දෙයක්... මුස්ලිම් අන්තවාදයට අපිත් තදින්ම විරුද්ධයි. ඒත්, හොඳ මුස්ලිම්වරුන් මේ ප්රශ්නයේදී අසරණයි. කොටි සටන ජයගැනීමේදී මුස්ලිම්වරුන් හොඳ දායකත්වයක් දුන්නා. බලය ගන්න පොහොට්ටුවේ අය එදා කළකී සියලු දේ බොරු බව දැන් දැන් ඔප්පු වී හමාරයි. එදා නැට්ට කෙලින් කරගෙන පිස්සන් වගේ දඟලපු අය අද නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන බිරාන්ත වෙලා. සිදුවන දේ ගැන ඔවුන්ටත් පුදුමයි. එහෙව් එකේ බමුණුආරච්චි පරණ තැටියම ආයෙත් වාදනය කරනවා. පිස්සුද එහෙම නැතිනම් හැටිද? වඳ කොත්තු වඳ රොටි කතා හැදුවේ බලය ගන්නම විතරයි. ඒවා ඇත්ත නම්, මේ දොස්තර මේ රජය යටතේම නිදොස් වේවිද?
ලංකාවේ අතිශයින් දූෂිත වූ දේශපාලකයින් සහ ඔවුන්ගේ වන්දිභට්ටකම් කරන අය එක්වී අපේ සමාජයට කරන හානිය කොච්චරදැයි කියා කිසිවෙක් මගෙන් ඇහුවොත්, මට කියන්න තියෙන්නේ මේ පුවත පිළිබඳ දක්වා ඇති අදහස් කිහිපයක් කියවා බලන ලෙසයි... දේශපාලකයින් යනු එක් පිලකට හෝ කණ්ඩායමකට හෝ පෙරමුණකට පමණක් සීමා නොවුණු සිවුපාවුන් කාණ්ඩයක් ලෙස සලකනු මැනවි...
වඳ කරණයට පාවිච්චිකළ උපකරණ පෙන්වන්න එක්ක ගියොත් නරකයිද?
දැන් වැටහෙනවාද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා?
අර හතලිහේ පනහේ සුදු ඇඳගත්ත ගෑණු සෙට් එක කෝ? පැමිණිලිකරුවන්ට බබ්බු හම්බ වෙලාද?
මේ තනි කෙනෙකුට වසර ගණනාවක් ඔය වගේ දෙයක් තනියම කරන්න බැරි බව වටහාගන්න බැරි තරමි මෝඩ රැලක් මේ රටේ බහුතරය...
ඇසුණු, කියැවුණු තොරතුරු අනුව මොහු වෛද්‍ය වෘත්තියට සුදුසු නැති අන්තවාදියෙක්. ප්රශ්නය තියෙන්නේ මොහු කරපු දේවල් නීතිය ඉදිරියේ තහවුරු කර ගැනීමට නොහැකි වීමයි. කෙසේ නමුදු සාමාන්‍ය ජනතාව මේ වැනි අන්තවාදී අමානුසික පටු අසත්පුරුෂයින්ගෙන් ගැලවී සිටීමට පියවර ගත යුතුයි. රජයත් ඉතාම දුර්වල ලෙස මෙය විසඳා ඇතිවග පේනවා...
බමුණු යෝග සිල්වා චින්තක වගේ අයගේ කරපිටින් ඇවිල්ලා තමයි දැන් ඉන්න දූෂක පාලකයෝ පිනුම් ගහන්නේ.. වහල්කම දූෂිත, පටු, දූපත් මානසිකත්වය තිබෙනකම් අපි හැමදාමත් වනාන්තරේ.. ආයෙත් ඡන්දයක් තිබ්බොත් මේ ගොල්ලන්ම තමයි එන්නේ... මේ වගේ ගොබ්බයින් ඉන්නකම්...!!!
දැන් මොකද කරන්නේ...?
සර්ගේ ආණ්ඩුවක් ආවාම ලේසි වෙන්නේ නෑ. මේ අසාධාරනේට පත්වෙච්ච හැමෝටම එදාට යුක්තිය ඉටු වේවි...!!!
අනේ ගොඩක් පිං ආයි ආවට. අපි වද වෙන්න එන්නම්.....
මෙතන මුස්ලිම් හෝ ඕනෑම ජන කොටසකට පහත් වචන භාවිතා කිරීම කරනු ලබන අය අර ට්‍රම්ප්ගේ කණ්ඩායම වගේ මානසිකත්වයකින් පෙලෙනවා. අද සරත් වීරසේකර මැතිතුමා එමිරේට්ස් රාජ්‍යයට ගියේ ශ්‍රී ලාංකිකයින්ට ඇති රැකියා අවස්ථා වැඩිකර ගැනීමට විය හැකියි. චීන අසූචිවලට මුදල් ගෙවා චීනය තරහකර නොගැනීමේ අවශ්‍යතාවයට වඩා මැද පෙරදිග මිත්‍ර රාජ්‍යයන් තරහකර නොගැනීම වැදගත්... මොකද කිව්වොත් දේශපාලකයින් බංකොළොත් කළ මේ රටට වැඩිපුරම විදේශ විනිමය අපේ ශ්‍රමිකයන් විසින් මැද පෙරදිග සිට එවන බැවින්. අනික අපිට ඔයතරම් උදම් අනන්න යමක් රජයේ රැකියා බලා සිටින ජාතියක් හැටියට අපට නැහැ. ඊටත් අයි.එස්. සංවිධානය සෞදි අරාබියේ පවා බෝම්බ පිපිරුවා. මුස්ලිම් සහ අයි. එස්. පටලවා නොගත යුතුයි...