IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කතානායකගේ තීරණය නිවැරදි බව මන්ත්‍රී ධර්මලිංගම් කියයි

එෆ්.අස්ලම්
 
 පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද  රාජපක්ෂ මහතාට ලබාදීම කථානායකවරයා ගත් නිවැරදි තීරණයක් බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

 
පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරුන් 122ක් නියෝජනය කරන පාර්ශවය හට එම පත්කිරීම සිදුකර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයට එම ධූරය දැරීමේ කිසිදු අයිතියක් නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
 
වත්මන් දේශපාලන තත්වය සැළකිල්ලට ගෙන දෙමළ ජාතික සන්ධානය විපක්ෂනායක ධූරය බලහත්කාරයෙන් තබා ගැනීම නුසුදුසු අසාධාරණ ක්‍රියාවක් බවත් ඉන් දෙමළ සන්ධානය දකුණේ ජනතාව ඉදිරියේ අප්‍රසාදයට හා හෑල්ලුවට ලක්වන බවත් සිද්ධාර්ථන්  කීය.
 
ජාතික ආණ්ඩුව ගෙන යාමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එහි පාර්ශවකරුවන් වීම මත විපක්ෂනායක ධූරය දෙමළ ජාතික සන්ධානයට ලැබුණු බවත් මේ වනවිට හවුල් ආණ්ඩුවක් නොමැති තත්වය මත දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධූරය දැරීමේ කිසිදු අයිතියක් නැති බව සිය පෞද්ගලික මතය බවත් හෙතෙම කීවේය.



අදහස් (3)

කතානායකගේ තීරණය නිවැරදි බව මන්ත්‍රී ධර්මලිංගම් කියයි

Bamunuarachchi Tuesday, 08 January 2019 01:28 PM

ඒ පාර මොකාටද එන්නේ? මහින්දගෙන් රටින් කෑල්ලක් බලාපොරොත්තුවෙන්න එපා. සම්මත ජාතියේ එ්ක ලැබෙන්නේ නැහැ...

:       0       0

Chanak los angeles Wednesday, 09 January 2019 03:14 AM

ඔහොම කියන්න කීයක් ලැබුනාද ?

:       21       0

saminda Wednesday, 09 January 2019 09:47 AM

කෙලින් කතා කරන මනුස්සයෙක් වගේ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site