
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් සුන්බුන් වැටීමෙන් ඒ අසළ නිවසක සුන්බුන් අතර සිරවී සිටියදී සහන කණ්ඩායම් මගින් සොයාගත් මාස එක හමාරක් වයසැති බිළිඳා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා පැවසීය.
රෝහල් ගත කළ එම බිළිඳාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක් ගත්ත ද එය අසාර්ථක වූ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මේ අහිංසක කිරිසප්පයා මියගියේ නුවර තක්කඩි රාජ්‍ය නිලධාරීන්ගේ වැරැද්දෙන්. ප්ලෑන් පාස් කරනවා නුසුදුසු ඉඩම්වලට ගොඩනැගිලි හදන්න... තණ්හාසය තියෙන මෝඩ අමනුස්සයෝ පුලුවන් තරම් සිමෙන්ති කඳු ගොඩ ගහනවා බෑවුම්වල. මහ පොලොව වුණත් ඉවසන සීමාවක් තියෙනවා. මේ කිරිසප්පයා මීළඟ ආත්මයේ ගම්බද පළාතක සුන්දර පරිසරයක නිදහස් ලෙසින් ජීවත්වෙන්නට හැකි පරිද්දෙන්ම ඉපැදේවා !!!
ගොඩක් දුකයි. පුංචි පුතේ ඔබට නිවන් සුව... මෙවන් අකල් මරණයක් මතු ආත්මයකදී කවදාවත් සිදු නොවේවා..!!!
මෑත අවුරුදු කිහිපය තුළ මහනුවර කඳුකර තැන්වල අසීමාන්තික ලෙස ගෙවල් හදන්න ගත්තා. ආණ්ඩු සියල්ලම තමන්ගේ උන්ට ඉඩමුත් බෙදලා දුන්නා. දැනුත් හන්තානට කෙල හලනවා. හන්තානත් සුද්ද කරමු. ලොකු ගෙවල් හදමු. නුවර තියෙන කඳුටික ඔක්කොම සුද්ද කරමු. ගෙවල් හදමු. බිළිඳාට නිවන් සුව..!!!