
(ඉන්දිකා රාමනායක)
කඳාන කල්එළිය ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත යුවළක් ඇතුළු තිදෙනකු කෝටි ගණනකට වටිනා වාහන , රන් බඩු,හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
අඹුසැමි යුවළ හා සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 105, හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට කියන රුපියල් ලක්ෂ 31/2 මුදල, මෝටර් රථය දෙක, වෑන් රථය,ත්‍රිරෝද රථ හයක් , රන්මාල හයක්, රන් පෙන්ඩන්ට් හයක් , මූදු හතක් , අත් පළඳනාවක් , පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් යුවළ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවන් බවත් ඔවුන් කඳාන ප්‍රදේශයේ කුලී නිවසක සිට මෙම හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් එළි වූ තොරතුරු අනුව ඔවුන්ට මත්කුඩු ලබාදෙන බව කියන සෙසු සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්රෑම් 5ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ කඳාන පොලීසියට,සහ වැල්ලම්පිටිය පොලිසියට බාර දී ඇත.
(ඡායාරූප: තිස්ස කොටින්කඩුව)
COMMENTS