(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
වයස අවුරුදු 5යි මාස 8 ක බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කර සමාජ මාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කළැයි කියන විසි හැවිරිදි විවාහකයකු නුගේගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනය කළ සැකකරු එම අපරාදය වීඩියෝ ගතකර එම දර්ශන සිය මිතුරු මිතුරියන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යවා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ යටතේ ද සිදු කළ වරදක් බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවද සඳහන් කළේය.
තම දරුවන්ගේ සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් මව්පියන් මෙන්ම වැඩිහිටියන් දැඩි අවධානයක් යොමුකළ යුතු බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සමස්ත සමාජයේම වගකීම මෙන්ම එය නෛතික බැඳීමක් බව තරයේ සිහි තබා ගත යුතුව ඇතැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දඩුවමක් දෙන්න
ඔය මහත්තයව එල්ලලා මරන්න
ශරියා නීතියේ දඩුවම් දෙන්න ඕනෑ.
මේ වරද කාරයන් වෙනුවෙන් පෙනී සිට මේ දරුවට අසාදාරණයක් සිදුවීමට එදා සැලසුවොත් මොන තරම් පාපයක්ද ?
අවුරුද්දක් නඩු කියයි... ඊට පස්සේ රුපියල් 50000ක වන්දියක් දීලා එළියට එයි..
මේ ප්‍රවෘත්තිය කියවන ඔබට ‘‘චීවරධාරියෝ‘‘ ගැන මොනවද හිතෙන්නේ..?
මේකාව හිරේට දාලා පනුවෝ ගහලා මැරෙන්න අරින්න.