
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
කෘෘඩියා සෙලනිකා වැනි විශාල මුල් පද්ධතියක් සහිත විශාල ගසක් වෙනත් තැනක සිටුවීම දැඩි අවධානම් සහගත ක්‍රියාවක් බවත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තීරණය ගත්තේ ස්ථාන පරීක්ෂණයකින්දැයි විමසා බැලිය යුතු බවත් වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ගම්පහ දාරළුව දී අද(9) පැවසීය.
ලේකම්වරයා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ඉවත් කිරීමට යෝජිත කෲඩියා සෙලනිකා නැමැති ගස නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු නිලධාරීන් සමග පැමිණි ලේකම්වරයා අධිවේගී මාර්ගය ඉදිකිරීම සීමාවේ පිහිටි ගස නිරීක්ෂණය කළේය.
මෙම වටිනා ගස රැක ගැනීම සඳහා යෝජිත මාර්ගය වෙනස් කිරීමට බැරිද බැරි හේතු මොනවාදැයි ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීය. ලෝකයේ වෙනස් කරන්න බැරි දෙයක් නැහැ යි පැවසූ ලේකම්වරයා මාර්ගය කුළුණු මත ඉදි කිරීමේ හැකියාවක් ඇත්දැයි විමසීය.
මෙම ශාකය ආරක්ෂිත ශාකයක් වීමත් සමස්ත රටේම ගස් කිහිපයක් පමණක් පැවතීමත් හේතුවෙන් මෙහි ඇති වැදගත්කම වඩාත් ඉස්මතු වන බව සඳහන් කළ ලේකම්වරයා එවැනි තත්ත්වයක් තුළ මේ ගස ආරක්ෂා කිරීමේ වගකීමක් වන ජීවී වනජීවී දෙපාර්තමේන්තුවට ඇතැයිද සඳහන් කළේය. රටක් වශයෙන් විදේශීය උදව් උපකාර ලබා ගන්නා අවස්ථාවන්හිදී අපි පාරිසරික සංරක්ෂණයට ඉඩ දී ඇත්දැයි සොයා බලන බවද සිහිපත් කළ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් සොයාබලා කාලීන විසඳුමක් සොයා ගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
මෙම ශාකයේ වටිනාකම හේතුවෙන් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී පටක රෝපණය මගින් පැළ ලබා ගෙන රටේ විවිධ පෙදෙස්වල වගා කිරීමටත් ජනතාවට ලබා දීමටත් අවශ්‍ය පියවර ගත යුතු බව සඳහන් කළ ලේකම්වරයා අදම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද කීය. මෙම වර්ගයේ තවත් ගසක් මගලෙගොඩ ප්‍රදේශයේ ඇති බවට දැනගන්නට ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය. මෙම ශාකය මැදිකර අධිවේගී මාර්ගය ගස දෙපැත්තෙන් යැවීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙසද ලේකම්වරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. අනාගතය ගැන සිතා මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු යැයි ද මෙම ගස අනාගතයේදී ලොකු වටිනාකමක් ඇති වනු ඇතැයි ද හරිශ්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
තමන් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් පරිසරය ඇතුළු හැම දෙයක්ම රැකෙන හොඳම තීරණය ගන්නා බවත් එය සුදුසු වේලාවේදී කියන බවත් ඒ සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කරන බවද බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මෙහිදී සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී සඳහන් කළේ ඔහුගේ උවමනාව ගසත් ආරක්ෂා කරගෙන සංවර්ධන කටයුතු සිද්ධ කිරීම බවයි.
ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිස ගස පසුබිම සිටින සේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රදේශ වාසියකු ඔවුනට විරුද්ධත්වය පළ කරමින් ගත වූ වසර දෙකක කාලය තුළ වාහන තුන් හාරසීයකින් නිලධාරීන් පැමිණ පරීක්ෂාකර ගියත් මෙතෙක් කිසිදු පලක්වී නැතැයි ද අද පැමිණි නිලධාරින්ගෙන්ද ප්‍රයෝජනයක් නොවන බවට චෝදනා කළේය. ඔහු රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවට දිසාපතිවරයා ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ග්‍රාම නිලධාරීට දැන්වීය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි අංශයේ මහාචාර්ය පැට්‍රික් රත්නායක, අත්තනගල්ල ප්‍රාදේශීය සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් ද මේ පිරිසක්ද මේ ස්ථානයට වරින්වර පැමිණියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මුතුරාජවෙල ගොඩකරන සමාගමටම ඔය ගහ ඉවත් කරන්න අවසර දුන්නේ කාගේ වුවමනාවටද?
මේ පිළිබඳව කරුණු සොයාබලා මේ වටිනා ගස රැකබලා ගැනීමට කටයුතු කිරීම අගනේය. ඒ සම්බන්ධව කටයුතුකළ සැමට ස්තූතියි. මෙවැනි වටිනා ගසක් ගලවා නැවත සිටුවිය හැකි වුවත්, එය මියයාමට හැකිබව හෝ වටහා නොගත්, අනුවණ නිලධාරීන් හට විනයානුකූලව ක්‍රියාකළ යුතුව පවතී. මෙවන් අනුවණයන් නිසා රාජ්‍ය සේවය තව තවත් පිරිහෙනු ඇත. එබැවින්, නිසි වගකීමක් නොදත්, මෙවන් දඩබ්බර නිලධාරීන් මෙල්ලකිරීමට කාලය පැමිණ ඇත.
අවුරුද්දක් ඇතුළත ලෝක උරුම මහා වනාන්තර දෙපලු කරලා දාපු මේ ආණ්ඩුවට මේ ගහත් කජ්ජක්ද?
කතාව විතරයි. තවම අවදානම එහෙමමයි. මේ අධිවේග පිස්සුව. කෝ මේ පරිසර සංවිධාන...?
මම දන්නා විදිහට නම් මේ ගස නිරුපද්‍රිතව ගලවා සිටුවීමේ තාක්ෂණය අපේ රටේ නැහැ. සාමාන්‍ය ලොකු ගස් ගලවා නැවත සිටුවන බෝල් රූට් ක්‍රමයට මෙය ගලවා නැවත සිටුවීමෙන් සාර්ථක ප්‍රතිඵල කෙසේවෙතත් වටිනා ගසක් අපට නැතිවීමේ අවදානම වැඩියි. සාමාන්‍යයෙන් අඩි 75ක් විතර උස විශාල ගසක් නවීන තාක්ෂණයෙන් ගලවා සිටුවීමටත් ඩොලර් 2000 පමණ වියදම් වෙනවා. රනිල කුලයට අයත් මේ ගසේ මූල පද්ධතිය විහිදී ඇති ආකාරය ගැන යම් කිසි විද්වතෙක් පරීක්ෂණයක් කරලා තියෙනවාද කියා කවුරුත් දන්නවද..? විශාල ගසක් ගලවා වෙනත් තැනක සිටුවීමේදී... මුලින් තිබු පසේ සංයුතිය, මුලදී ගස අත්වින්ද ආර්ද්‍රතාව, ගැඹුර, ජලය ආදිය පමණක් නොව මෑතකදී විද්‍යාඥයින් සොයාගත්තා ගසේ මුල් පිහිටීමේ අකාරයටම ගසේ අතු දිශානත විය යුතු බව. මේ සාධක 100% සැපයීමට නොහැකිවුණොත් ගස " ට්‍රාන්ස්ප්ලාන්ට් ෂොක් " යනුවෙන් හඳුන්වන තත්වය නිසා මියයනවා. ගසක් කියන්නෙත් අපි වගේම ජීවියෙක්... එ් ගොල්ලන්ටත් හැඟීම් දැනෙනවා. මේ ගමේ ජීවත්වන සියලුදෙනාම මේ ගස රැකගැනීමට එකා මෙන් පෙරට ආවොත් ඒ සද්ක්‍රියාව අනාගතයේ... නොමැකෙන ලෙස මේ රටේ ජනතාවගේ මතකයේ රැඳී තියේවි..
ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිස ගස පසුබිම සිටින සේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේදී ප්‍රදේශ වාසියකු ඔවුන්ට විරුද්ධත්වය පළ කරමින් ගත වූ වසර 02ක කාලය තුළ වාහන තුන් හාරසීයකින් නිලධාරීන් පැමිණ පරීක්ෂාකර ගියත් මෙතෙක් කිසිඳු ඵලක් වී නැතැයි ද අද පැමිණි නිලධාරින්ගෙන්ද ප්‍රයෝජනයක් නොවන බවට චෝදනා කළේය. ඔහු රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවට දිසාපතිවරයා ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ග්‍රාම නිලධාරිවරයාට දැන්වීය. මරුනේ..
යම් විදිහකින් මේ ගස බෝ ගසක් වුණා නම් කොහොම හිටීවිද? මුලින් උදුරා ගෙන ගොස් හිටවන්න යෝජනා කරාවිද?
දැන් මේ ගස සොයාගත් වෙලේ, ඒකට පොරකන්නේ නැතිව, එම ගසේ පැල කිහිපයක් වෙනත් තැනක රෝපණය කිරීමට පියවර ගත්තා නම් නේද හොඳ.. ?
ගහ බලන්න ගිහින් වැඩක් නැහැ. උද්භිද විද්‍යාව දන්න කෙනෙක්ව යවන්න වෙනවා.
ඇමැති කෙනෙක්ගේ ගෙදරක් තිබුණා නම් වෙට්ටුවක් දාලා ගනී.
මේ ගස මෙතනින් අයින් කරන්න නියෝග කරන අයටත්, ගස අයින් කරන අයටත් ඔවුන්ගේ පවුල්වලටත් හෙන හතම තමයි.
මේ දක්වා වෙලා තිබෙන දේවල් බැලුවාම අන්තිමට වෙන්නේ මේ ගහ නැතිවෙන එක බව නම් මට විශ්වාසයි.
ගම්පහට මෝඩ දේශපාලකයන්ගේ වැරැදි නිසා සාපයක් ඵලදෙනවා.
කෑලෑ පාලුවන් ටිකක්නේ රට පාලනේ කරන්නේ...
නන්දසේන ඔය පැත්තේ ආවොත් ඔය කතා ඔක්කොම ඉවරයි. මහදැනමුත්තා මුට්ටිය ගත්තා වගේ ගහත් කපලා පාර හදන හැටි කියලා දෙයි.
නැතිපොත්, බැරි පොත් කාරයින්ට කැලැන්ඩරේ මාසෙ ඉවර වෙද්දී, ඔරලෝසුවේ කටු කැරකෙද්දී, ගාන කැපෙන්නේ ටැක්සි මීටර් වගේ. ඒ වගේ අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ඔයිට වඩා...? ගස් කපා පාර හදා, පාර දෙපස ගස් වවමු.