( +++ ඩයනා උදයංගනී)
ඉකුත් රජය සමයේ සිදුකළ මාර්ග ඉදිකිරීම් හා සංවර්ධනය කිරීම් වෙනුවෙන් කළයුතු ගෙවීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පාර්ශ්වයන්ට නිසි පරිදි නොගෙවීම නිසා මහා මාර්ග අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 2500 ක් පමණ ගෙවීමට තිබෙන බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ (1) පැවසීය.
මාර්ග ඉදිකිරීමේ හා පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් 2015 වසරෙන් පසු පවරාගත් ඉඩම් සඳහා ගෙවිය යුතු මුදල් රුපියල් කෝටි 950 ක් තිබෙන බව කී ඇමතිවරයා එම ගෙවීම් ප්‍රමාදවීම නිසා ඉඩම් හිමියන්ට සියයට 7 ක පොලී මුදලක්ද ගෙවීමට සිදුව ඇති බව සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් පවරාගත් ඉඩම් වෙනුවෙන් කළ යුතු ගෙවීම් සියල්ල එම රජය සමයේද අවසන් කර තිබූ බවත් පසුගිය රජය එසේ නොකිරීමෙන් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
පසුගිය කාලයේ මැතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නැංවූ ‘රන් මාවත්‘මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට කළයුතු ගෙවීම් ද රුපියල් කෝටි 1,500 ක් තිබෙන බව ඇමතිවරයා කීවේය.
මැතිවරණය ඉලක්ක කරගනිමින් පසුගිය රජය එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇතත් කොන්ත්‍රාත්කරුවන්ට කළ යුතු ගෙවීම් කර නොමැති බවද ඇමතිවරයා පැවසීය.
මෙවැනි කටයුතු වලින් පසුගිය රජය විශාල මුදල් නාස්තියක් කර තිබෙන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙවැනි දේ නිසා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම හිරවී තිබෙන බව කී ඇමතිවරයා එය සැඟවීමට අවශ්‍ය නැති බවද කීවේය.
COMMENTS
කවුරු ආවත් මහජනතාව හූරාගෙන කන එක විතරයි. ගෝඨාගේ පැහැදිලි දැක්මක් තිබ්බත් නූගත් අය ළංකර ගත්තොත් ඉවරයි. හරි නම් පහුගිය රජයේ හිටපු අැමතිගේත් අධීක්ෂණය යටතේ සහ නීතිමය රාමුවක් යටතේ ගෙවීම් කළයුතුයි.
ජනාධිපතිතුමනි, දේශපාලුවන් විසින් මහජනයා මුලා කිරීමේ සීමාවක් පැමිණීමේ කාලය ඇවිදින්... ඉස්සෙල්ලා කට්ටියත් කිව්වේ ඒ ගොල්ලන්ට ඉස්සර හිටපු කට්ටිය ගත්ත ණය ඒ ගොල්ලන්ට ගෙවන්න වුණා කියලා. එම තැටියම මේ ගොල්ලොත් ප්‍රචාරය කරනවා. මතක හැටියට හැත්තෑවේ දශකයේ සිටම දෙගොල්ලන්ම කිව්වේ අනිකාගේ ණය ගැන, අනවශ්‍ය වියදම් ගැන මිස තමන් ගන්නා ණය ගැන හා සුඛෝපභෝගී භාණ්ඩ ගැනීමට කරන අනවශ්‍ය වියදම් ගැන නොවේ. (උදාහරණ - බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ 8.5 හෝ ඊට වැඩියෙන් එක පුටුවක් සඳහා වියදම් කිරීමට සැලසුම් කිරීම) මෙම යාන්ත්‍රණය වෙනස් කළ යුතු කාලය ඇවිදින්. කරුණාකර මේ හැමෝම කතා.. වියදම් කරන්නේ මහජන මුදල් නිසා මෙම ආයතන තුළ සිදුවෙන සියලුම මිලදී ගැනීමේ මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය තුළින් සියලු රට වැසියන්ට බලා ගත හැකි අයුරින් පල කිරීමට කටයුතු කළොත් මෙරට සියලු ජනකොටස් ඔබතුමාට අනේකවාරයක් ස්තුති වන්ත වේවි... අනාගත පරපුරද ඔබතුමා සැබෑවීරයකු ලෙස සලකාවි...
ඔන්න පුතේ කල්ල මරේ...! කොන්තරත්කාරයින්ට මෙහෙම කියමු. "හලෝ මේ, මේවා අපි ගත්ත ණය නෙමෙයි, ඒ ගොල්ලන්ගෙන්ම ඉල්ල ගන්නවා. අපි මේවා ගෙවන්න බැඳිලා නෑ". එතකොට කොන්තරාත්කාරයන් අඬාගෙන දණින් වැටීගෙන එනවා. අන්න එතකොට කනට කොඳුරලා කියන්න ඕන දේ දන්නවා ඇතිනේ. 10% ක් වුණත් කෝටි 250ක් නොවැ....
ගිය ආණ්ඩුවත් කිව්වේ ඔය ටිකම තමා. ඔක්කොගෙම නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. අනුන්ගේ වැරදි කියා කියා ඉන්නේ නැතුව වැඩ කරන්න මහත්තයෝ.
ඒ කියන්නේ ඇමතිතුමා නිකම්ම පිළිගන්නවා ජනතාවට වැඩක් වෙන වැඩ පසුගිය ආණ්ඩුව කරලා තියෙනවා කියලා. පසුගිය ආණ්ඩුවෙන් ජනතාවට මාර්ග හදලා දීලා තියෙනවා කියලා මොන ආණ්ඩුව කළත් ඒවා හොඳ වැඩ. දැන් ඉතින් කොහොම හරි ගෙවන්න තමයි තියෙන්නේ ඇමතිතුමෝ..............
හාෙර ගෙඩියා... ඩියුටි ෆ්‍රී එතනෝල් ගේනකොට එච්චර පාඩුවක් නෑ මයෙ හිතේ...
පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ මහාමාර්ග හදපූ එව්වගේ බිල්පත් එහෙමත් ඇතිනේ...