(තරිඳු ජයවර්ධන)
ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් පෞද්ගලික ගොඩ නැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බව අනාවරණය වී තිබේ.
එම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කළ පාර්ශ්වල තීරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා එම නිර්දේශය කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලීපදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකින් පසු සිය වාර්තාව ඉදිරිපත් කරමිනි.
කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ලේ හෙක්ටයාර එකක භූමියක් තිබිය දී එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමකින් තොරව ගොඩනැගිලි කුලිය වශයෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වර්ෂ පහක් සඳහා රුපියල් මිලියන 1260ක් ගෙවීමට රජයේ පාර්ශ්ව එකඟ වී තිබුණු බව විගණනයේදී අනාවරණය වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු සෙත්සිරිපායේ පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබිය දී එය ප්‍රමාණවත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එසේ ප්‍රමාණවත් නොවීමට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කර නොතිබූ බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටි අනුගමනය කිරීමකින් තොරව මෙම පෞද්ගලික ගොඩනැගිල්ල තෝරාගෙන තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර ඇත.
එලෙස තෝරාගත් පෞද්ගලික ගොඩනැගිල්ල සම්මත උස සහ මහල් සංඛ්‍යාව ඉක්මවා අනුමැතියකින් තොරව ඉදි කිරීම සිදු කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ. අනුමත මහල් සංඛ්‍යාවට වඩා මහල් තුනක් වැඩියෙන් හා අනුමත උසට වඩා අඩි 33ක් වැඩියෙන් උසට ඉදි කර තිබූ මෙම ගොඩනැගිල්ල නීත්‍යනුකූල ඉදි කිරීමක් නොවී තිබිය දී කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා තොරාගෙන ඇති බව විගණකාධිපති වාර්තවේ සඳහන්වේ.
ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම්ගත දිනය වූ 2016 අප්‍රේල් 08 වැනි දින සිට 2017 ජුනි මාසය දක්වා කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලට ගෙන නොයෑම නිසා අදාල කාලයේ රුපියල් මිලියන 315ක් අනාර්ථිකව වියදම් කර තිබුණු බවත්, මෙම කාල සීමාව සඳහා සේවා ගාස්තු ලෙස වර්ග අඩියකට රුපියල් 60 බැගින් රුපියල් මිලියන 92.7ක අතිරේක මුදලක් ගෙවා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ තිබුණු ලීබඩු හා උපකරණ ඉහළ වටිනාකමකින් යුතු හා භාවිතයට ගත හැකි මට්ටමේ තිබුණ ද එම උපකරණ වෙනත් රජයේ ආයතනයකට බෙදා දී මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 114.6ක් වැය කර ලීබඩු උපකරණ අලුතින් මිලදී ගැනීමට කටයුතු කර තිබුණු බව ද මෙම විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යංශය කලින් තිබූ ගොඩනැගිල්ලෙන් ගෙන යෑමට හේතුව ලෙස පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම හා අතිරේක කාර්යාලවලට ඉඩ ලබා ගැනීම බව සඳහන් කර තිබුණ ද 2019 දෙසැම්බර් මාසයේ අවසානය දක්වාම අදාළ කටයුතු සඳහා එම ඉඩකඩ භාවිත කර නැති බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි.
මෙම පෞද්ගලික ගොඩනැගිල්ලේ හිමිකරු විසින් ඉදිරිපත් කළ කොන්සේදිවලට එකඟ වී රජයේ ප්‍රසම්පාදන පටිපාටිවලට පටහැනිව, රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නියෝග මෙන්ම විගණන විමසුම් මගින් පෙන්වා දී තිබූ කරුණු ද නොසලකමින් ගිවිසුම අත්සන් කර තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා දුන් මුදල කව්රු හරි දේශපාලකයෙකුගේ සාක්කුවට යන්ට ඇති. රජයේ ආයතන පුද්ගලික ගොඩනැගිලිවලට කුලියට දෙනකොට ඔය වැඩේ දැන් සුලභව සිදුවෙන දෙයක්.
විපක්ෂය මේවට වග කියන්න ඕනේ, එදා මෙවන් තීරණ ගත්ත නිසයි අද රට අගාධයක තියන්නේ, තවත් සැරයක් දගලන්නේ ඉතිරි ටිකත් කන්නද ? රටේ සියලුම ජනයාගෙන් ඉල්ලන්නේ පක්ෂය ඉදිරියට ගැනීම නොවේ වැදගත්. රට ගොඩ ගැනීම තුලින් සියලු දෙනාටම එක හා ලැබෙන සාමය හා සමෘධියක් ,මේ සදහා පවතින රජය වටා එකතු වීම කාලෝචිතයි
ඉතින් රටක් දියුණු වෙයිද ?
හොරු අල්ලන්න පත් කරපු හොරා ආණ්ඩුවේම ඇමතිකෙනෙක් දැන්?
කිරි පුතා බයවෙන්න එපා. බැදුම්කරේට නැති දඩුවම් මේ සොච්චමට දෙයිද?
නිසි පරදී නිතිය ක්‍රියාත්මක කරනවද? එකිනෙකා පිට කසා ගන්නවද ?
මහජන මුදල් අවභාවිතා කරන අයට මරණ දඩුවමවත් දෙන්නේ නැතුව මේවා කියල වැඩක් නෑ.
දැන් බලමු මේකට සම්බන්ද උන අයට විරුද්ධව ගන්න පියවර. නැත්තන් මේකත් අර ප්‍රසිද්ධ ඒවා වලට යයිද දන්නේ නෑ.
එහනම් මේ ගොඩනැගිල්ලට ගෙවන ලද මුදල වහාම අය කර ගන්න නැතිනම් එය රජයට පවරා ගන්න.
රජයට පාඩු උන මුදල් ආපසු ලබා ගන්න බැරිද ?
හොරු අල්ලන්න ආපු හොරු .... මේ අය වෙනුවෙන් දෙකට බෙදිල මරා ගන්නවා.
අලාභය මේකට සම්බන්ධ අයගෙන් අයකර ගතයුතුයි.
නැව ගියාට පස්සේ ඒක ගිය පාර හොයනවට වඩා යන්න තිබුණු පාර හොයන්න තිබුන ඔය වැඩේ කරන්න සුදානම් වෙච්ච වෙලාවේ. ඒ කාලේ ලොකු සද්දයක් දැම්ම වගේ මතකයි ගොවි ජන කේන්ද්‍රය ඉඩ මදි කියලා. දැන් කියලා වැඩක් නැහැ. දැන් ඕක හොයන්න දමන කමිටුවට(එහෙම එකක් දැම්මොත්) වියදම් කෙරෙන්නේත් අපේ බදු මුදල් නොවෙයිද? මේ කෝලම් අපි තව කොච්චර කලක් බලා ඉන්නද?
මේ කාරනාව හේතුපාදක කරගෙන ගිවිසුම අවලංගු කර ගෙවූ මුදල් ආපසු ගැනීමට කටයුතු කලොත් නරකද ?
ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට. නමුත් ගොවියට සිදුකර තිබෙන මෙහෙය කුමක්ද. වෙන කිසිවක් ඕන නෑ, රජරට පළාතේ වැසියන්ට පානිය ජලයවත් සපයා තිබෙනවද?? ඔය නිකරුනේ වියදම් කල මුදල වකුගඩු රෝගීන්ගේ සුභසිද්ධිය පිණිස වත් වියදම් කලා නම් මොකද.. අවාසනාවට කාරණය නම් මේ මුදල් විනාශයට මැදිහත් වූ හිටපු කෘෂිකර්ම ඇමති වරයාද රජරට පළාතේ කෙනෙකු වීමයි..
මෙවැනි ඇමතිවරුන්ට අනිවාර්ර්ය දඩුවම් පැමිණිය යුතුමය. මෙතරම් මුදලක් ගෙවීමට වීම අතිශය සෝචනීයයි...
මේක මේ ශ්‍රී ලංකාවේ සිද්දවෙච්ච, කැතම, නින්දිතම, නිර්ලජ්ජිතම වංචාවක්. මේක සක් සුදක් සේ පැහැදිලියි. ඒ වගේම මේකෙන් උඩ ඉඳන් යටටම ගතමනාව ගියපු බවත් ඉර හඳ වගේ විශ්වාසයි.
මේකනම් බැදුම්කර වංචාව වගේ ප්‍රෙහෙලිකාවක් නෙවෙයිනේ, නම් ගම එක්කම තියෙනවා කවුද කොහොමද මේකට සල්ලි ගෙව්වේ කියලා.
ඉතින් කියවන්නේ නැතුව අල්ලලා දාන්නකෝ කූඩුවට අපි කිරිබත් කනවා කූඩුවට දැන්ම දවසට
හිටපු අගමැති මේවාට වගකිව යුතුයි.
එයා තමයි කැබිනට් පත්‍රිකාව දාල තියෙන්නේ...!
බලාගෙන ඉන්න. හිතන්න එපා කිරිබත් කන්න. ඔය කවුරුත් එක පැත්තක. අපි විතරයි මේ පැත්තේ.
හිටපු කෘෂිකර්ම ඇමති, එයානම් හොඳයි. එයානම් හරිම කීකරුයි, දැන් ගුණ ගී ගයනවත් ඇහෙනවා.
ඕවා නම් මොනවද අපේ අස්වයටනේ වියදම් කරන්නේ. ඕව නාඩගන්. හිත හදාගෙන එතුමන්ලවම ආපහු යවමු. අපේ ළමයින් ණය ගෙවන්න හුරුකරමු. අපේ ආණ්ඩුව තියෙන්නේ අපේ ජනාධිපති ඉන්නේ අපේ අගමැති තුමා ඉන්නේ කියලා හිත හදාගමු.
රටේ සල්ලි විනාස කර මිනිස්සු පාරට ඇදල දැම්මා යු එන් පි අය.
ඔය වැඩේට සම්බන්ද ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් එයින් කොටසක් ඉන්නේ පොහොට්ටුවේ. පක්ෂ බේදයක් නැතිව සම්බන්ධ සියලුදෙනාටම සළකන්න. රනිල් නම් ඇමතිකමක් ගන්න එන එකක් නැහැ පක්ෂ නායකකම අතහැරලා.
අපේ ආණ්ඩු කොයි එකත් ඔහොම තමයි තීරණ ගන්නේ. මහජන මුදල් එයාලට වටින්නේ නෑ. වැරදි කළාට දඬුවම් කොහෙද?
උන් හොරු කියල මුන් හොරකම් කරනවා. මුන් හොරු කියල උන් හොරකම් කරනවා. 3% ඉඳගෙන තමන්ට ඕනේ හොරුන්ට කඩේයනවා. පොදු දේපල හොරකම් කරන හොරුන්ට නීතියෙන් දඬුවම් ලැබෙන්නේ නැතිනම් සීනිගමින් හරි දෙමු...! 225ම කම්බස් වෙලා යන්න...
අපිට කිව්වා කියලා වැඩක් නැහැ.. නීතිවිරෝධී නම් නඩු දමනවා මිසක්...
ඇමතිගේ හොරුන්ට හොඳට සළකලා තියෙනවා ගොඩනැගිල්ලෙන්.
මෙය කළේ නායකකම බදාගෙන ඉන්න ලොක්කා තමයි. මෙයා කලින් අවරුදු දෙකකට බලයේ ඉන්න කාලයේදී මෙම මුදලාලිට උදව් කරලා තියෙනවා.
හරි, එහෙනම් කවුරුහරි හිරේ යන්නත් ඕනෑ. ඒ මුදල් අය කර ගන්නත් ඕනෑ..