(ඉන්දිකා රාමනායක)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් නොහොත් "රන් මල්ලි" නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ රුපියල් කෝටි 1 1/2 ක් කොට්ටාව හිරිපිටිය ප්‍රදේශයේ නිවසක වල දමා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘රන්මල්ලි‘ නැමත්තාගේ මස්සිනා බවද,ඔහු කොට්ටාවේ නිවස කුලියට ලබාගෙන එහි සිට මෙම මත්ද්‍රව්‍ය මුදල් කළමනාකරණය කර ඇති බවද පොලිසිය කියයි .
මොහු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව මෙම නිවස වටලා පරීක්ෂා කිරීමේදී එහි ඉඩමේ ස්ථානයක වල වල දමා තිබියදී මෙම මුදල් තොගය සොයාගෙන තිබිණි .
රන් මල්ලි නැමැත්තා බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු එවන දකුණේ මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන හරක් කටා නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින අතර ඔවුන් දෙදෙනාම එක් වී මෙරටට මත්කුඩු එවන බව ද බවද පොලිසිය පවසයි.
මුදල් සහ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd