(හිඟුරානේ නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත්රික්කයේ පානම පොලිස් වසමට අයත් හැලව ප්රදේශයේ කුඹුරක රාත්රියේ පැල් රකිමින් සිටි ගොවියෙකු, කොටියෙකු විසින් සපාකෑම හේතුවෙන් මියගොස් ඇති බව පානම පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හීන්අප්පු අබේසිරි නැමති 56 හැවිරිදි ගොවියෙකි.
සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ තවත් අයෙකු පැලේ සිට ඇත. කොටියා විසින් එම ගොවියා සපා කා සිරුර ඩැහැගෙන යාමට තැත් කරන විට දිවිගලවා ගත් පුද්ගලයා කෑගසා කොටියා පලවාහැර සිරුර රැගෙන යාම වළක්වාගෙන ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධව පානම පොලීසිය විසින් පොතුවිල අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇත.
මෘත ශරීරය මේ වනවිට පොතුවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
COMMENTS
ඔය සතාට කරදරයක් කරන්න කලින් වනජීවි ප්රදේශයට ආරක්ෂාව දෙන්න. අහිංසක සත්තු මිනිස් ක්රියාකාරකම් නිසා අසරණ වෙල ඉන්නෙ...
පව්, අහිංසකයා...
" ..ඔය බොරු විශ්වාස කරන්න එපා. ඔය මිනිස්සු දෙන්නා එකතුවෙලා මාව මරලා මගේ දත් සැට් එකයි හමයි ගන්න ප්ලෑන් කරනවා මම අහගෙන හිටියා. පහුවෙනිදා මම සූදානම් ශරීරයෙන් ආවේ. මේ ගොල්ලෝ මට වෙඩිතියන්න කලින් මම ඉක්මන් වුණා. පරම්පරාවෙන්ම වැඩ කිඩ දන්නා නිසා එක මිනිහෙක්ව බිම දාලා අනිකාවත් අඩපණ කරලා දෙන්නම ඇදගෙන යන්නයි ලැහැස්ති වුනේ.මොනවටවත් නොවෙයි බෙහෙත් හේත් කරන් සනීප කරලා අපහු එවන්න. කොහේද ඉතින් අනිත් මනුස්සයා තුවාල කාරයාව අරගෙන ගියා. මට බෙහෙත් කරන්න දුන්නා නම් දැන් හොඳවෙලා. මොනවා වුනත් මටත් දුකයි මේ මැරුණ පුද්ගලයා ගැන. එයාගේ අවාසනාවට මට එයාට බෙහෙත් කරන්න එයාගේ යහළුවා ඉඩ දුන්නේ නැහැ. කරුණා කරලා ඒ යහළුවාට විරුද්ධව නඩු පවරන්න.