(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
නීති  විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
 
එම සැකකරුවන් සමඟ කහ කිලෝ 1559 ක් පොලිසිය භාරයට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මඩවල සහ වත්තල-මාබෝල පදිංචිකරුවන් බවත්  කහ තොගය සහ සැකකරුවන් දෙදෙනා ඇතුළු ලොරි රථය  වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ  පොලිසිය වෙත භාර දී ඇත.