IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘කෙටිකාලීන වාසි ගන්න ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සනවා’

(නිමල කොඩිතුවක්කු)

 

කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස්  ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.

ජාතිවාදය වැපිරීමෙන් සමාජ, සංවර්ධන සහ ආර්ථික වැඩපිලිවලට මරු පහරක් එල්ල වන බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා ජාතිවාදී ප‍්‍රශ්න මතුවීමට ඉඩනොදී සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් සියලූ දෙනා කැප විය යුතු බවත් සඳහන් කළේය. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ පොසොන් උත්සවය සැමරීම පිළිබඳ කොළඹ අරලියගහ මන්දිරයේ දී  අද (7) පැවති පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

‘‘අද මේ රැස්වීමට අපි මහා සඝරත්නයත් ප‍්‍රධාන ලේකම්වරුත් කැඳවලා තියෙන්නේ රටේ තියෙන ප‍්‍රධාන කාරණා කිහිපයක් ගැන කතා කරන්නයි. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය නිසා අපේ කටයුතු බොහෝමයක් නැවතුණා. ඒවා දැන් ආරම්භ කරගෙන යනවා. සමහර තැන්වල ඒ කටයුතු තවම ආරම්භ වෙලා නැහැ.

අපි සාමාන්‍ය තත්වයකට රට ගේන්නනම් මේ සංවර්ධන, පරිපාලන කටයුතු සිදුකළ යුතුයි. මේ කටයුතු සිදු නොවන නම් රට සාමාන්‍ය තත්වයකට, දියුණු තත්වයකට  පැමිණිලා කියලා අපිට ප‍්‍රකාශ කළ නොහැකියි.

ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා මට දුන් ලේඛනවලට අනුව සමහර දිස්ත‍්‍රික්කවල කටයුතු ඉතා හොදින් කරගෙන යනවා. විශේෂයෙන්ම ගම්පෙරළියෙත් වැඩසටහන් ගණනාවක් කරලා තියෙනවා. රන්මාවත් වගේ ව්‍යාපෘති මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අවසන් කරලා ඒ විවෘත කිරීම් සිදු කළ යුතුයි.

සමහර වැඩසටහන් ඉතා සීඝ‍්‍රයෙන් කරන්න තියෙනවා. ඒ වගේම ගමට කෝටිය වගේ තවත් වැඩසටහන් ගණනාවක් තියෙනවා. ඒවාට මුදල් ලැබුණාම ප‍්‍රමාදයකින් තොරව මේ කටයුතු සිදුකරන්න තියෙනවා.

දැනට එන ආරංචි හැටියට සමහර ව්‍යාපෘතිවල වැඩකටයුතු ආරම්භ කිරිමට නොහැකි වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිවල ගැටලූ තියෙනවා නම් විෂයභාර ඇමැතිතුමාට කියන්න.  ඒ මට්ටමින් ඒවා විසඳන්න පුළුවන් අපි එම ගැටලූ විසඳගමු. නැත්නම් අපි මැදිහත්වෙලා මේ විදියට හරි ඒ ගැන සැකච්ඡා කළ යුතුයි.

මේ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය අපට මාසිකව අවශ්‍ය කරලා තියෙනවා. ඒ අනුව මම අමාත්‍යවරයාට කියලා තියෙනවා මාසිකව මේ ප‍්‍රගතිය ලබා දෙන්න කියළා. අතපසු වූ වැඩ කරගෙන යන්න දිස්ත‍්‍රික්කවලට රුකුලක් දෙන්න අපිට දැන් තියෙනවා.

අපේ රටේ ආර්ථිකයේ ප‍්‍රධාන අංශයක් තමයි සංචාරක ව්‍යාපාරය. මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ තහනම් උපදේශනය නිසා රටවල් ගණනාවකින් ආපු සංචාරකයින් ආපහු පිටවෙලා තියෙනවා. සමහර හෝටල් වල එක කාමරයක්වත් පිරිලා නැහැ.

ඒ උපදේශන ඉවත්කරන්න අපි දැන් ක‍්‍රියා කරමින් ඉන්නවා. දැනට රටවල් කීපයක ඒවා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් තව කිහිපයක් අද හෙටම මේ තහනම ඉවත් කරන්න යනවා.

මේ සිද්ධියේදී  මම තානාපතිවරුන් කිහිප දෙනෙකුට කතා කළා. ඒ අය කියන්නේ අපි එදා පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට සූදානම් නොවී හිටියත් දැන් අවශ්‍ය කටයුතු ක‍්‍රියා කරගෙන යනවා කියලා. ඇත්ත වශයෙන්ම දැන් අයි. එස්. අයි. එස් ත‍්‍රස්ත කණ්ඩායම් ලංකාවේ නැහැ. මේ ත‍්‍රස්තවාදය රටින් ඉවත් කර ඇති බවට ඒ අය පිළිගන්නවා.

නමුත් මෙතන තව එක ප‍්‍රශ්නයක් තියෙනවා. මෙහේ ජාතිවාදී කෝලහාල ඇතිවෙයිද කියන තැනක ඒ අය ඉන්නවා. මේ විටින් විට ඇති වෙන සිද්ධි අද විශාල ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.

වෙසක් උත්සවයේ දී සමහර අයට සැකයක් තිබුණා. තවත් සමහර අයට බියක් තිබුණා. අද ඒ සැකයයි බියයි දෙකම නැහැ. ඒ නිසා මෙවර පොසොන් උත්සවයත් ඒ වගේම සමරනවා.

දැන් හැම දිස්ත‍්‍රික්කයකම ඒ වැඩපිලිවල ක‍්‍රියාත්මක කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. එයට සමගාමීව පන්සල් වලට ආධාර ලබාදීම, සියලූම ප‍්‍රදේශීය ලේකම් වලට දාන හා පිංකම් පවත්වන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එම හමුව සඳහා මහා සංඝරත්නය බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කෘෂිකර්ම, ග‍්‍රාමීය සංවර්ධන, පාංශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන්, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී අලවතුවල සහ අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

 



අදහස් (0)

‘කෙටිකාලීන වාසි ගන්න ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 823 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 950 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 387 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site