IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කංජිපානි රඳවා සිටින සිරකුටියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

(ජයන්ත සමරකෝන්)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ බී 4 සිරකුටියේ තිබී තුන්වන වතාවටත් ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගත්බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සී.සී.ටී.වී කැමරා වලින් කරන ලද නිරීක්ෂණයකදී මෙම ජංගම දුරකතනය සොයාගෙන ඇතැයි පැවසේ.

එම සී.සී.ටී.වී දර්ශන ඔස්සේ කංජිපානිට එරෙහිව පරීක්ෂණ සිදුකරන බවද දැනගන්නට තිබේ.

මොහු සෑම සතියකට වරක්ම නඩු කටයුතු සඳහා කොළඹට රැගෙන එන බවද එහිදී ජංගම දුරකතන ශරීරය තුළ රහසිගතව සඟවාගෙන එන්නට ඇති බවද සැකකරන බවද එහි නිලධාරීහු පවසති.

දැනට මෙහි සියලුම ආරක්ෂක කටයුතු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් පරීක්ෂා කිරීම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ උපකරණ කිසිවක් නොමැති බවද වාර්තාවේ.

විශේෂ ගණයේ සිරකරුවන් 22 ඇතුළුව සිරකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් මෙහි රඳවා සිටිති.



අදහස් (13)

කංජිපානි රඳවා සිටින සිරකුටියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

mihira Wednesday, 04 March 2020 06:22 PM

ලංකාවේ පළවැනි වතාවට නේද?

:       0       3

Mahee Wednesday, 04 March 2020 06:33 PM

මැරුම් කෑ ජේලර් මහත්වරුන් කුඩු කාරයින්ට එරෙහිවීම නිසා එම ඉරණමට මුහුණ දුන් බව නිල වශයෙන් තහවුරු වුණා. මොකද වුනේ? මේ රටේ සැබෑ බලය තිබෙන්නේ ජමපර් ඇඳගත් කුඩුකාරයන් සහ සුදු ඇඳුම් ඇඳගත් කුඩුකාරයන්ගේත්, නිල ඇඳුම් ලාගත් කුඩුකාරයන්ගේත් අතේ නොවේද?

:       0       53

පිටිගල මිලානෝ Wednesday, 04 March 2020 11:31 PM

මෙය අලුත් පුවතක් නොවෙයි. හැමදාම...හැමදාම.... පුවත පලවෙන්නේ හිරකුටියක ෆෝන් එකක් හම්බ වුනා කියා පමණයි. ඊට අදාළ ක්‍රියා මාර්ගයක් ගත්තේ නම් මෙවැනි පුවත් අපිට නිතර නිතර අහන්න හම්බවෙයිද? අපේ ශරීරයේ රුධිර වාහිනී තිබෙනවා. ඒවා තුලින් රුධිරය හදවතේ සිට මාන්ශපෙශී ... සෛල තුලින් යන තාක් කල් ශරීරය රඳා පවතිනවා. ඒවගේම සිරකරුවෙකුගේ සිට කඩුවයි තරාදියයි අතින් අරන් සිටින දේවතාවිය අතරත් නාලයක් තිබෙනවා. එම නාලය තුලින් මොණර කොළ යන තාක් කල් මේ දේවල් නැවත නැවත සිදුවෙනවා. මේ නාලය කපන තුරා මේවා සිද්ධ වෙනවා.

:       27       73

ධර්ම රාජයා Wednesday, 04 March 2020 11:44 PM

සමහර බන්ධනාගාර කොමසාරිස්ලාගේ මුහුණු පොත බැලුවම මේ ව්‍යසනය තේරුම් ගන්න පුලුවන. බවලතෙක් දකින්න බෑ ගිහින් අල්ලාගෙන ෆොටෝ එකක් අරන් මුනුපොතතට දාගන්නවා. නිල උත්සව වල හැසිරෙන්නේ දකුණු ඉන්දියානු නළුවෝ වගේ .

:       0       17

denin Thursday, 05 March 2020 01:33 AM

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආ විට මේ සිරකරුවන් සිරගෙවල්වල සිට ජංගම දුරකථන භාවිතය නැවත්වීමට පියවරක් ගනියි කියා මගේ ලොකු විස්වාසයක් තිබුනා.

:       11       40

S.PThursday, 05 March 2020 04:56 AM

ගෙයක් හරියට හදන්න කලින් ප්ලෑන් කරන්න ඕනේ... ඔයා මැදින් පනින්නේ නැතිව ඉන්න. තව ටික දවසකින් මේ ගොල්ලෝ වලලපු තුවක්කු, බෝම්බ, පෙන්නන්න අරගෙන යයි.

:       26       36

NimalThursday, 05 March 2020 04:35 PM

ඒ සඳහා අප දිය යුතු දායකත්වය කුමක්ද?. 2/3 දීමද?

:       0       0

BamunuarachchiThursday, 05 March 2020 11:43 AM

ඔබ කියන්නේ ඝෝඨාභය මහතා උදේට හිරගෙට ඇවිත් හිරකූඩු පරීක්ෂා කරන්න කියලද? මැටි කතා කියන්න එපා හලෝ.. අනිතිමට හිරගේ පරීක්ෂා කරන්නේ ජේලර්.. ඒ මිනිහා හිරකරුවාට සපෝට් නම් මොකද කරන්නේ? කරන්න දේවල් බොහොමයක් තිබෙනවා. පළවෙනි එක තමයි ජෙප්පන් නැති කරන එක... ඔවුන් තමයි තද නීති දැම්මාම හිරකාරයෝත් මනුෂ්‍යයෝය... කියන කතා කියන්නේ...

:       0       1

Gayan Thursday, 05 March 2020 02:09 AM

අද කාලේ දුරකථන වලට කකුල් තියෙනවා. ඒවා බන්ධනාගාර වලට ඇවිදගෙන ඇවිත් "අනේ මගෙන් ඇමතුම් අරගෙන කුඩු වෙළදාම් ජයටම කරගෙන යන්න" කියලා ඉල්ලා සිටිනවා. බන්ධනාගාර නිලධාරීන්ට ඕවා දැනගන්නට බෑ. එයාලා නිර්දෝෂීයි. තුන් වැනි වතාවට නේ මේ හම්බවෙලා තියෙන්නේ.

:       3       18

MD Thursday, 05 March 2020 02:33 AM

එකක්වත් නැත්නම් තමයි පුදුම වෙන්න ඕන.

:       0       4

chinthaka Thursday, 05 March 2020 02:41 AM

අදාල සිර මැදිරිය බාරව සිටින දුෂිත නිලධාරීන්ව වැඩ තහනමකට ලක්කළ යුතුයි.

:       0       28

Bamunuarachchi Thursday, 05 March 2020 03:16 AM

මේ කැඳ වික්ක කෙනෙක් හිරේ තියාගෙන රජය විඳින වදයක්.

:       0       32

රවින් Thursday, 05 March 2020 05:45 AM

ඉඳහිට විහිළු කරනකොට මුවෙන් හිනාවිය හැකිය. හැමතිස්සෙම විහිළු කරනකොට හිනාවිය යුත්තේ කොහෙන්ද? නිතර නිතර දරුණු යයි සලකන මත්කුඩු ජාවාරම් කාරයින්ගේ සිරමැදිරි වලින් දුරකථන හමුවේ. නිතර නිතර මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් ශ්‍රී ලංකා දේශසීමාව තුළින් හමුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24609 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18140 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10858 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 575 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 832 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site