(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
 
බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
 
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) සිට ආහාර වර්ජනයක නියැළීම හේතුවෙන් ඔහු අසනීප වී ඇති බවද, මේ හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය කියයි.

මෙම තැනැත්තා සමග විශේෂ ගණයේ අපරාධකරුවෝ 35 දෙනෙක් ආහාර වර්ජනයේ නිරතවී සිටිති.