IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය බාරයට

(නිමන්ති රණසිංහ)

පතාල නායක මොහොමඩ් ඉම්රාන් නොහොත්  කංජිපානි ඉම්රාන් නැමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා  කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද  උදෑසන  ඩුබායි සිට ලංකාවට පැමිණි ඔහු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර මේ වන විට  පැය 10 කට අධික කාලයක්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශ සටහන් කරනිමින් සිටී.

කංජිපානි ඉම්රාන් සමඟ අත්අඩංගුවට ගත්  සෙසු තිදෙනා වන  මාතර පදිංචි ජංගා නොහොත්  අනුෂ්ක කෞෂාල්, රොටුඹ පදිංචි  මිල සම්පත් සේපාල, කොළඹ 13 පදිංචි  ඇන්ඩසන් ප්‍රර්නෑන්ඩස්  නැමැත්තන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරයි.

කටුනායක ගුවන්තොටුපොලෙහි අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු කාර්යාලට ගොස් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු  කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ජංගා නොහොත්  අනුෂ්ක කෞෂාල් නැමැත්තා  මාතර කොට්ඨාස පොලීස් ඒකකයට බාර දීමට නියමිත අතර  ඔහුට විරුද්ධ මාතර අධිකරණයේ නඩු  කිහිපයක් ඇති බවද පොලීසිය පවසයි. කංජිපානී ඉම්රාන් නැමැත්තාට ඝාතන ධ මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන්  මාලිගාවත්ත පොලීසියේද පැමිණිලි හා අධිකරණයේ නඩු කිහිපයක් පවතින බවද පොලීස් ආරංචි මාර්ග පවසයි.

ඇන්ඩර්සන් නැමැත්තාද  විවිධ ජාවාරම්  හා සම්බන්ධ අයකු බවට  තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට තොරතුරු එක්රස් කරන බවද දැනගන්නට තිබේ.

මාකඳුරේ මධුෂ් නැමැති  පාතාල නායකයාගේ ඩුබායිහි පැවැති සාදයකදී මොවුන් ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනුන අතර  එරටින් පිටුවහල් කර අද ලංකාවට පැමිණි පසු අත්අඩංගුවට ගැනුනි.

 



අදහස් (3)

කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය බාරයට

සෙනෙවි Thursday, 28 March 2019 04:16 PM

මේ වැඩ වලදී දකුණෙ අයට දේශප්‍රේමය අමතක වෙලා මුස්ලිම් මිනිහ එක්ක හරි පාතාලෙ වැඩ.

:       0       56

ජූඩ් ක්‍රිස් ව්ක්‍රමසිංහ Thursday, 28 March 2019 05:00 PM

මරණ දඬුවම දෙන්න.

:       0       56

Irfan Lafir Friday, 29 March 2019 10:16 AM

මරණ දඬුවම අනිවාර්යයෙන් දිය යුතුයි. මුස්ලිම් හෝ අනෙකුත් ජාතීන් වේවා... නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site