
(නයෝමි දිල්රුක්ෂි)
සෞඛ්‍ය සේවාවන් ලබා දෙන උපදෙස් හා නිර්දේශයන් මත 50% සිමාව මත කෑගල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති ආරම්භ කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් විශේෂ කොවිඩ් මෙහෙයුම් කමිටුව අද (28) පස්වරුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ කැඳවීමෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමාගම් වතු ප්‍රතිංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මෙහෙයුම් කමිටුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදි උපකාරක පන්ති ආරම්භ කිරිමේදී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ගේ නිර්දේශය මුලින්ම ලබාගත යුතු බවත් මිටරයක පරතරය, මුව ආවරණ පැලඳීම, ශරීර උෂ්ණත්වය මැනීම, නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරිම යන කරුණු ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මුලින්ම අපොස සමාන්‍ය පෙළ පන්ති පමණක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති පවත්වන ආයතනයන්හි ප්‍රධානින් ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කල අතර පන්ති ආරම්භ කිරිමට පෙර කටයුතු කළ යුතු ආකාරය පිළිබද දැනුවත් කිරිම කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ලැබීය. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වසංගතයේ වර්තමාන තත්වයත් තව දුරටත් කොවිඩ්-19 න් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛාරක්ෂිත උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවයත් ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) අයි.ඩබ්.එම්.සී.කේ ඉංගකොන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය ලේකම්වරුන්, සෞඛ්‍ය අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, උපකාරක පන්ති පවත්වන ආයතනයන්හි හිමිකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෑගල්ලේ උපකාරක පන්ති ආරම්භ කිරිමට පියවර
de silva Monday, 28 December 2020 08:50 PM
උපකාරක පන්ති අවශ්‍ය නැත. සිසුන් පාසලේ උගන්වන දේට හොඳින් අවධානය යොමු කළ යුතුය.
Best Tuesday, 29 December 2020 04:33 AM
මෝඩයෝ මෙතනවත් මීටරයක් නෑ...