(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුලතිව් කොකිලායි රජයේ පාසලේ ප්‍රථම වතාවට සිසුවියක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇතැයි විදුහල්පතිනී  සුජිවනී ප්‍රනාන්දු කන්‍යසොයුරිය පැවැසුවාය.

ඩබ්ලිව්.එම්. දිල්මි නවෝද්‍ය සිසුවිය පාසලට මහත් අභිමානයක් ගෙන දෙමින් වසර 23කට පසු මෙම ජයග්‍රහණය ලැබුවාය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට  නවෝද්‍යා සිසුවිය ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙක් පෙනී සිටියහ. 

දැඩි දුෂ්කරතා මැද්දේ මෙම සිසුවිය ජයග්‍රහණය ලබා ඇති බවත් පාසලේ උසස් පෙළ පන්ති නොමැති වුවත් ඇයට උසස් පෙළ හැදෑරිමට අවශ්‍ය වටපිටාව සලසා දෙන බව ද විදුහල්පතිනිය කියන්නීය.

මෙම ජයග්‍රහණය ලබාගැනීමට උදව් උපකාර කළ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට ස්තුති කරන නවොද්‍ය සිසුවිය තමාගේ එකම අභිප්‍රාය උසස් අධ්‍යාපනය ලබා රටට වැඩදායි සේවයක් කිරීමට බව කියා සිටියාය.