IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොකේන් කිලෝ 770 ක් විනාශ කරන්න අවසර

(නිමන්ති රණසිංහ)

නඩු තුනකට අදාළ කොකේන් කිලෝ ග්‍රෑම් 770ක් කැලණිය ගෝනවල ඩී එන් එස් ගබඩා සංකීර්ණය තුළදී දියකර විනාශ කර දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අවසර ලබා දුන්නාය.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකකට සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය විනාශ කර දැමිම සදහා නිතිපතිවරයා අවසර ලබා දී ඇති බැවින් ඒවා විනාශ කර දැමීම සදහා අධිකරයෙන් නියෝග ලබා දෙන ලෙසට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කළාය.

ඒ අනුව හෙට (01) පෙරවරු 9.00ට කැලණිය ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඩී එන් එස් ආයතනයට අයත් ගබඩා සංකිර්ණය තුළදී මෙම කොකේන් කිලෝග්‍රෑම් 769 ග්‍රෑම් 464ක ප්‍රමාණය දියකර පසුව එම ද්‍රාවණය විනාශ කර දැමිම සදහා පුත්තලමේ පිහිටි සිමෙන්ති කම්හල පිහිටි ඉන්සේ ආයතනය වෙත රැගෙන ගොස් එහිදි එම ද්‍රාවණය දහනය කිරිමට ලක්කරන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු සඳහන් කළේය. 

 

 



අදහස් (5)

කොකේන් කිලෝ 770 ක් විනාශ කරන්න අවසර

ravi Sunday, 31 March 2019 11:17 AM

කවුද මේවා විනාශකරන්නේ..? කොහොමද මේවා විනාශ කරන්නේ...? ඇත්තටම මේවා විනාශ කෙරෙනවාද...? නැත්තම් කොකේන් හංගාගෙන පාන්පිටි විනාශ කරනවද කියලා කවුද දන්නේ..?

:       2       115

smn Sunday, 31 March 2019 11:51 AM

ප්‍රශංසනීය ක්‍රියාවක්…!!! මීට දායකවන සියලු දෙනාටම හදපතුලෙන්ම තුතිපුදමු.! කෙසේවෙතත්, ඔය කියන කිලෝ ග්‍රෑම් 770 ම නියත වශයෙන්ම කොකේන්මද, වැරදිලාවත් පාන්පිටි වගේ දේවල් අඩුවැඩි වශයෙන් එකතු වෙන්නට ඉඩකඩ තිබේද? ගබඩා සංකීර්ණයක් තුල වෙනුවට විවෘත එළිමහනක ජනතාව ඉදිරිපිට ඒවා ද්‍රාවණය කළ නොහැකි හේතුවක් තිබේද? ද්‍රාවණය විනාශ කර දැමීම සඳහා පුත්තලම දක්වා වූ දුරක් රැගෙන යාමේ අවශ්‍යතාව කුමක්ද..? සැක කටයුතු ක්‍රියාවලට ඉඩකඩ නැත්ද..? යනාදී කරුණු කාරණා දැනගැනීමේ අයිතිය නිසැකවම ජනතාව වන අප සතුයි.

:       0       153

රවින් Sunday, 31 March 2019 12:30 PM

ඇයි ඔය කොකේන් තොගය කෙලින්ම සිමෙන්ති කම්හලේ පෝරණුවට නොදමන්නේ? එසේත් නැතිනම් ගරු අධිකරණය ඉදිරිපිටදී විනාශ නොකරන්නේ? කොහෙද? කොතනද හොරේ?

:       0       30

කුඩු මල්ලි Sunday, 31 March 2019 03:10 PM

ඔය තොගය පුත්තලම කම්හලට කෙලින්ම දැම්මොත් , එකෙන් පිටවන කොකේන් දුමාරයෙන් පුත්තලමේ ඉන්න 40000ක පමණ ජනතාව කොකේන් වලින් මත්වෙලා ...පිස්සු කෙලින්න ගනීවි...

:       0       66

Chanak Los angeles Monday, 01 April 2019 07:32 AM

ඔවුන්ගේ කාලේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න ඔවුන්ගේ ගෝල බාලයන්ට ඩිපෙන්ඩර් වාහන ලබා දුන් එකයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13266 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site